Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය තොරතුරු පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශය

පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශය

නෛතික තැන්පතුව

1973 අංක 48 දරන ලේඛනාරක්ෂක පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව "රෙජිස්ටාර්" නමින් පත් කරන ලද නිලධාරියා විසින් මෙම අංශයේ වගකීම දරනු ලබයි. මේ අනුව මෙම අංශය දිවයිනෙහි පළකරන ප්‍රවෘත්ති පත්‍ර සහ ප්‍රකාශන ආබද්ධ කර ගැනීමේ වගකීම දරනු ලබයි. මෙම විෂය යටතේ පහත සඳහන් පුවත්පත් ජාතික ලේඛනාගාරයේ තැන්පත්ව පවතී. මෙම අංශය "නීතිමය තැන්පතු අංශය" ලෙසද හදුන්වනු ලැබේ.

මෙයට අමතරව පුවත්පත් ලෙජර්ගත කිරීම, පුවත්පත් ලැයිස්තුව යාවත්කාලීන කිරීම සහ එය මුද්‍රණය කිරීම සහ වෙනත් පුවත්පත් ආශ්‍රිත කටයුතු, පොත් සාප්පු පරීක්ෂා කිරීම, පොත් ලැයිස්තු පරිගණකගත කිරීම, මාසික ප්‍රකාශය ලියාපදිංචි කිරීම, වාර සඟරා සහ ගැසට් පත්‍ර සුචිගත කිරීම ආදිය ද ඉටුකරනු ලැබේ.

මුද්‍රණාල සහ ප්‍රකාශකයන්ගේ ආඥා පනත යටතේ සෑම ප්‍රකාශයකම පිටපත් පහක් අදාල ආකෘති පත්‍රය සමග ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට එවිය යුතුය. මුද්‍රණාලහිමියන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා අංශ අකෘති පත්‍ර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක. මෙම පිටපත් අතුරෙන්, එක් පිටපත බැගින් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයට, ජාතික කෞතුකාගාර පුස්තකාලයට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට, යවනු ලැබේ.

මුද්‍රණාල ලියාපදිංචිය සහ මුද්‍රණාල පරිපාලනය

මෙම විෂය යටතේ සිදුවන කාර්යයන් නම්, මුද්‍රණාල ලියාපදිංචි කිරීම, මුද්‍රණාල වසා දැමීම සනිටුහන් කර ගැනීම, මුද්‍රණාල පරීක්ෂා කිරීම, මුද්‍රණාල ලැයිස්තුව යාවත්කාලීන කිරීම සහ එම ලැයිස්තුව මුද්‍රණය කිරීම, මුද්‍රණාල ආශ්‍රිත අදාළ කරුණු සම්බන්ධ නීතිමය පියවර ගැනීම ආදිය වේ. (මුද්‍රණාල ආශ්‍රිත මෙම කාර්යභාරයන් මුද්‍රණාල ආඥා පනත සහ මුද්‍රණාල සහ ප්‍රකාශක ආඥාපනත යටතේ ඉටුවේ)

මුද්‍රණාල ආඥා පනත සහ මුද්‍රරණශිල්පීන් සහ ප්‍රකාශක ආඥා පනත

  • මුද්‍රණාල ආඥා පනත - 1902 අංක 16
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1951 අංක 20
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1955 අංක 22
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1983 අංක 26

මුද්‍රණාල නාමාවලිය 2013

  • මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ ආඥා පනත - 1885 අංක 01
  • මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත - 1951 අංක 28
  • මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත - 1976 අංක 06
  • මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත - 1983 අංක 27

  • ප්‍රවෘත්ති පත්‍ර ආඥාපනත - 1839 අංක 05
  • ප්‍රවෘත්ති පත්‍ර (සංශෝධන) පනත - 1951 අංක 18
  • ප්‍රවෘත්ති පත්‍ර (සංශෝධන) පනත - 1976 අංක 05

පොත් සහ ප්‍රවෘත්ති පත්‍ර ලියාපදිංචි කිරීමේ ශාඛා‍වෙන් ලබාගත හැකි ඉල්ලුම් පත්‍ර

මාසික ප්‍රකාශ පත්‍රය (ප්‍රකාශනයක් නිකුත් කර මසක් ගත වූ පසු, ඊළඟ මාසයේ 05 දිනට පෙර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. කිසියම් මසක ප්‍රකාශනයක් නිකුත් නොකළත්, ප්‍රකාශන මුද්‍රණය කර නැති බව දන්වා ප්‍රකාශ පත්‍රය එවිය යුතුය.)

අවසන් යාවත්කාලීන කිරීම 2016 ජූලි 08 වෙනි සිකුරාදා, 09:27  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.