දෙපාර්තමේන්තුවේ ඇති චල චිත්‍රපට, වීඩියෝ පට, විද්‍යුත් චුම්භක පට, ශ්‍රව්‍ය කැසට්පට, ශ්‍රව්‍ය තැටි, සංගත තැටි, සංයුක්ත තැටි, ඡායාරූප (කළු/සුදු), රූටන ප්‍රතිමූර්ති සහ සූක්ෂම චිත්‍රපටල ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන මෙම අංශයේ තැන්පත්ව ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂණය කිරීම සහ පර්යේෂකයින් සඳහා පර්යේෂණ කාමරයට නිකුත් කිරීම මෙම අංශය මගින් සිදුකරනු ලබයි. දෙපාර්තමේන්තුවේ ඇති දුර්ලභ ගණයේ ජන සංගීත තැටි පර්යේෂකයින්ට ශ්‍රවණය කිරිමට පහසුකම් සැලසිම, පිටපත් ලබා දීම සහ සූක්ෂම චිත්‍රපට වල පිටපත් ලබා දීම සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නඩත්තු කිරීම මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන
- චලචිත්‍රපට - හිටපු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ කථා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ දැක්වෙන චිත්‍රපට (මි.මී. 35 සහ 16 ප්‍රමාණයේ).
- වීඩියෝපට - හිටපු අගමැතිණියගේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිත කථාව, ලේඛන කළමනාකරණය පිළිබඳ වීඩියෝ පට සහ ජනාධිපති කොමිෂන් සභාවල වීඩියෝ පට ඇත
- විද්‍යුත්චුම්භක පට - 1960 ගණන් වල දී සංස්කෘතික අමාත්‍යාංශය සහ ලීවර් බ්‍රදර් ආයතනය එකතුව පටිගත කර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති, ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටි පැරණි ගැමි ජනතාව විසින් ගායනා කරන ලද ජන ගී එකතුවකි. ජෝතිපාල මහතාගේ ගීත ඇතුලත් විද්‍යුත් චුම්භක පට ඇත.
- ශ්‍රව්‍ය කැසට්පට - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල තොරතුරු අඩංගු වේ
- සංගතතැටි - රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සහ පුද්ගලික ආයතන වලින් ලබා දී ඇති පාලන වාර්තා, ගිණුම් කටයුතු, ව්‍යාපෘති සහ කෘෂිකාර්මික වැඩසටහන් අඩංගුව ඇත. තවද ආබද්ධ කර ගන්නා ලද පුද්ගලයින් විසින් ගුවන් විදුලි සංස්ථාව මගින් කරන ලද කථා ඇතුලත් සංගත තැටි තිබේ. (පැලෑනේ වජිරඥාන හිමි, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා, මාටින් වික්‍රමසිංහ මහතා, මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, ගුණපාල මලලසේකර මහතා වැනි අය.)
- ඡායාරූප - ලීවර් බ්‍රදර් ආයතනය විසින් ලබා දී ඇති ශ්‍රී ලංකාවේ රජමහා විහාර වල බිතු සිතුවම් (කළු/සුදු) සංරක්ෂණය කර ඇත
- සූක්ෂමචිත්‍රපට - පෘතුගීසි ලේඛන, ලන්දේසි ලේඛන, ශ්‍රී ලංකාවේ පළ වූ සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි පුවත්පත් සහ වෙනත් විවිධ ලේඛන සූක්ෂම චිත්‍රපටගත කර ඇත
සූක්ෂම ඡායාගත කරන ලද පුවත්පත්
සිංහල - 1862 සිට | |
දිණමින | 1909 – 1948, 2006 – 2009 |
ලක්මිණිපහණ | 1864 – 1894 |
ලක්රිවිකිරණ | 1864 – 1902 |
ලංකාදීප | 1947 – 1948 |
සරසවි සඳරැස | 1880 – 1900, 1922 |
සිළුමිණ | 1930 – 1935 |
දවස | 1961 – 1970 |
සිංහල බෞද්ධයා | 1906 – 1959, 1932, 1976 |
ජනතා | 1956 – 1976 |
සිංහල ජාතිය | 1953 – 1976, 1980- 1981 |
පෙරමුණ | 1916 – 1949 |
ජනසතිය | 1963 – 1976 |
ඇත්ත | 1967 – 1976 |
ඉංග්‍රීසි - 1832 සිට | |
කලම්බු ජර්නල් | 1832 – 1875 |
සිලෝන් ඔබ්සර්වර් | 1841 – 1952 |
කලම්බු ඔබ්සර්වර් | 1842 – 1868 |
සිලෝන් ඩේලි නිවුස් | 1840 – 1841, 1925 – 1930, 1948, 1950, 2005 –2009 |
සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් | 1894 – 1937 |
ද ටයිම්ස් ඔෆ් සිලෝන් | 1846 - 1954 |
එග්සැමිනර් | 1846 – 1900 |
වෙනත් | |
අලහමත් ලංකාපූරි | 1869 – 1870 |
වීරකේසරී | 1947 – 1963 |
හින්දු ඔර්ගන් | 1889 – 1922 |