Tamil (Sri Lanka)English (United Kingdom)

ශිල්පීය අංශය‍

ජාතික ලේඛනාගාරයේ අධිලේඛන සංරක්ෂණය හා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙම අංශයේ වගකීමවේ. රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පූජ්‍ය ස්ථානයන්හි අධිලේඛන සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට මෙම අංශය මගින් කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම සිදුකරනු ලබයි. මේ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම දේශීය හා විදේශීය පුහුණුව ලත් කාර්යමණ්ඩලයකින්ද මෙම අංශය සමන්චිතවේ.

  • රසායනාගාරය
  • පොත් බැඳුම්අංශය
  • ප්‍රතිසංස්කරණඅංශය
  • පොත්බැඳුම්කරුවන් පුහුණු කිරීමේ අංශය
  • නිමකිරීමේ අංශය
  • විදේශ ව්‍යාපෘති අංශය

ශිල්පීය අංශයේ රාජකාරි

  • දෙපරේතමේන්තුව තුළ තැන්පත් ලේඛන සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය
    • පොත්/ලේඛන/පුවත්පත්/පුස්කොල ලේඛන/සිතියම්/වර්ණ රූටන සේයා ප්‍රතිමූර්ති/කළු සුදු පිංතූර/සිතුවම්/ප්‍රතිමා/ශ්‍රව්‍ය ද්‍රශ්‍ය ලේඛන
  • සංරක්ෂණ පාප්ප පිළියෙල කිරීම
  • ලේඛන සංරක්ෂණය සඳහා භාවිතා කරන කඩදාසි/කෘමිනාශක වර්ග/ඇලෙන සුළු ද්‍රව්‍යය(ගම්) පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ සිදු කිරීම
  • කෘමි හා දිලීර උවදුරු වලට ලක් වූ ලේඛන ධුමායනය කිරීම
  • කඩදාසි වල ගුණාත්මක භාවය පිළිබඳ තත්ව පරීක්ෂා කර වාර්තා සකස් කිරීම
  • දෙපරේතමේන්තුව තුළ ඇති කෝෂ්ඨාගාර තුළ පරිසර තත්වය පරික්ෂා කිරීම, වාර්තා ලබා දීම සහ ගැටළු සඳහා අවශ්‍ය ශිල්පීය උපදෙස් ලබා දීම
  • දිවයිනපුරා ඇති පූජනීය ස්ථාන සතු පුස්කොල ලේඛන සහ අත්ලිපි සමීක්ෂණය සහ සංරක්ෂණය කිරීම
  • වෙනත් ආයතන සඳහා පොත්බැඳුම්කරුවන් බඳවා ගැනීමේ විභාග සහ කඩඉම් විභාග පැවැත්වීම සහ එම ප්‍රශ්න පත්‍ර සකස් කිරීම
  • රාජ්‍ය අමාත්‍යාංශ/දෙපරේතමේන්තු/සංස්ථා/මණ්ඩල/විශ්ව විද්‍යාල සහ පෞද්ගලික ආයතනයන් සඳහා ලේඛන සංරක්ෂණය පිළිබඳ උපදෙස් ලබා දීම
  • ලේඛනකාරමර/පාසැල් අධිලේඛනාගාර පිහිටුවීම සහ ඒවා පවත්වාගෙන යාම පිළිබඳ අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම

ශිල්පීය අංශය

රසායනාගාරය

රසායනාගාර රාජකාරි

  • PH අගය  මැන බැලීම
  • ලේඛන වල පැල්ලම් ඉවත් කිරීම
  • ලේඛන නිරාම්ලීකරණය
  • කඩදාසි  පිළිබඳව පර්යේෂණ  කිරීම

පුහුණු කිරීම්

  • පොත් බැඳීම පිළිබඳ පුහුණු පාඨමාලා
    රාජ්‍ය ආයතන වල පොත් බැඳුම්කරුවන් පුහුණු කරනු ලබයි. වසරකදී පාඨමාලා 5 ක් පවත්වනු ලබන අතර කාලය දින 30 කි. පුහුණුවන පොත් බැඳුම්කරුවන් 30 කට ආසන්න ප්‍රමණයක් සහභාගි වන අතර, එක් ලේඛන ප්‍රතිසංස්කාර නිලධාරියෙකු විසින් පුහුණු කටයුතු සිදු කරනු ලබයි.
  • ලේඛන ප්‍රතිසංස්කරණ
    ආයතනයක ලේඛන සංරක්ෂණ අංශයක් ආරම්භ කිරීමට පෙර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ මූලික පුහුණුවක් ලබා ගැනීම සුදුසු වේ.
  • පුස්කොල ලේඛන සංරක්ෂණය
    පූජ්‍ය ස්ථාන වල සාමනේර හිමිවරුන් සහ දේශීය වෛද්‍යවරුන් සඳහා පැවැත්වේ. දෙපාර්තමේන්තු නිලධාරීන් අවශ්‍ය ස්ථාන වලට ගොස් පුහුණුවීම් කරනු ලැබේ.

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 04:40  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.