යාවත්කාලීනය(2023.08.15): අධිලේඛන සහ වාර්තා කළමනාකරණ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා ලිඛිත අදහස් භාර ගැනීම අවසන් කර ඇත.
යාවත්කාලීනය(2023.08.08): මහජනතාවගේ ඉල්ලීම මත ලිඛිත අදහස් ලබා දීමේ අවසාන දිනය 2023.08.14 දින දක්වා දීර්ඝ කර ඇත.
2023.07.21 දින මධ්‍යම රාත්‍රී 12 සිට 2023.08.07 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉදිරිපත් කිරීම් භාරගනු ලැබේ.
මහජන වාචික විමසීම් 2023.08.21 (යාපනය), 2023.08.22 (මහනුවර) සහ 2023.08.25 (කොළඹ) යන දිනවල පැවැත්වෙන අතර, ලිඛිත ඉදිරිපත් කිරීම් ලබා දුන් අය සහභාගීත්වය සඳහා තෝරා ගනු ලැබේ.
මාර්ගගත ඉදිරිපත් කිරීම:
https://forms.gle/eExB3e7dWGfKjeM77
බාගතකිරීම්
අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත_V1.2_(PDF 919 KB)
காப்பகங்கள் மற்றும் பதிவுகள் முகாமைத்துவ தேசிய கொள்கை_V1.2_(PDF 554 KB)
Draft National Policy on Archives and Records Management_V1.2_(PDF 304 KB)
අදහස් ලබා දීමේ පෝරමය (PDF 1321 KB)
හැඳින්වීම
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් භාර ගන්නා බව සතුටින් දන්වනු ලැබේ. මෙරට ඉතිහාසයේ සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධ අධිලේඛන හා වාර්තා ආරක්ෂා කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයේ කොටසක් වන අතර, මෙම අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ගැනීම සඳහා ඔබගේ වටිනා දැනුම සහ නිර්දේශ ලබා දෙන ලෙස පාර්ශ්වකරුවන්ට, විශේෂඥයින්ට සහ මහජනතාවට අපි ගෞරවයෙන් ආරාධනා කරමු.
මෙම ජාතික ප්‍රතිපත්තිය මඟින් අපගේ දේශයේ අධිලේඛන වාර්තා කළමනාකරණය, ආරක්ෂණය සහ ප්‍රවේශ්‍යතාව හැඩගැස්වීම සඳහා මඟ පෙන්වීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදුසු රාමුවක් සැපයීම අරමුණු වේ. අනාගත පරම්පරාවන් හට අපගේ ඉතිහාසය වෙත ප්‍රවේශ වීමට සහ එමඟින් පූර්වාදර්ශ ලබා ගැනීම සහතික කිරීම සඳහා අපගේ සාමූහික මතකය සුරැකීමේ සහ තාක්ෂණික දියුණුව වැළඳ ගැනීමේ වැදගත්කම මෙම ප්‍රතිපත්තිය මඟින් හඳුනා ගනී.
ප්‍රධාන ක්ෂේත්‍ර:
- ප්‍රවේශය සහ සංරක්ෂණය: අධිලේඛන සහ වාර්තා සඳහා පොදු ප්‍රවේශය සැපයීම, සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සහ සියලු ආකෘතිවල දීර්ඝ කාලීන පැවැත්ම සහතික කිරීම සහ සමතුලිතතාවය ඇති කිරීම.
- ඩිජිටල් වාර්තා කළමනාකරණය: ඩිජිටල් වාර්තා සහ වත්කම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ ආරක්ෂණය කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ තාක්ෂණය අනුගමනය කිරීම.
- සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය: අධිලේඛන කළමනාකරණ ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම සඳහා අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම.
මෙම ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතිනුයේ අපගේ විවිධ ප්‍රජාවන්ගේ සාමූහික දැනුම මතය. එබවැන් මෙරට අධිලේඛන සහ වාර්තා කළමනාකරණයේ අනාගතය හැඩගස්වා ගැනීමට මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වන ලෙස පර්යේෂකයන්, අධිලේඛනාරක්ෂකයන්, වාර්තා කළමනාකරුවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වාර්තා තබා ගැනීමේ කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන හෝ බලපෑමට ලක් වූ හෝ සියලුම පුරවැසියන් දිරිමත් කරමු.
සහභාගි වන ආකාරය
මෙම අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිය හැඩගැස්වීමට දායක වීම සඳහා, උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට, මාර්ගගත පෝරමය නැතහොත් දෘඪ පිටපතක් (ඒ සඳහා වන සබැඳි ද ඉහතින් දක්වා ඇත) මඟින් අදහස් ඉදිරිපත් කළ හැකිය. එසේත් නැතිනම්, එහි දෘඪ පිටපතක් කොළඹ ප්‍රධාන කාර්යාලයට හෝ මහනුවර පිහිටි ශාඛා කාර්යාලය වෙත පැමිණ ලබා ගත හැකි ය. මහජන අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2023.08.07 දින දක්වා විවෘතව පවති. ඉන්පසුව, ලිඛිත ඉදිරිපත් කිරීම් ලබා දුන් අය අතරින් තෝරා ගත් පිරිසක් 2023.08.21 (යාපනය), 2023.08.22 (මහනුවර) සහ 2023.08.25 (කොළඹ) යන දිනවල පැවැත්වෙන වාචික විමසීම් සඳහා කැඳවනු ලැබේ.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ දී සියලුම මහජන ඉදිරිපත් කිරීම් සමාලෝචනය කරන බවට මහජනතාවට සහතික වේ.