ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින නිල පංගු, ප්‍රවේණි පංගු, ධාන්‍ය බදු ලේඛන, රජයේ සන්නස්, ඡන්දදායක නාම ලේඛන, තෝම්බු, විහාර හා දේවාල ඉඩම් ලේඛන, ගැසට් පත්‍ර නීතිමය පිළිගැනීම සහිත වටිනා මූලාශ්‍ර වේ. ඔබට ඒවා භාවිතා කිරීමට ජාතික ලේඛනාගාරය විසින් ඉඩහසර සලස්වා ඇත. ඒ සදහා ඔබට පහත උපදෙස් හා පැහැදිලි කිරීම් වැදගත් වනු ඇත. 

නිල පංගු/ප්‍රවේණි පංගු
හිමිකරුගේ නම සහ නිල කරය, ඉඩමේ පිහිටීම සහ දැනට පවතින ස්ථානය සහ සපයනු ලබන සේවාව පිළිබඳ විස්තර මෙමගින් සපයයි. 
ධාන්‍ය බදු ලේඛන 
ධාන්‍ය බදු අය කිරීම ලංකාවේ ඈත අතීතයේ සිට පැවත එන ක්‍රියාවලියකි. මෙම ධාන්‍ය බදු එකතු කිරීම සදහා  සකස්කළ ලේඛන ධාන්‍ය බදු පොරොන්දු ලියාපදිංචි කිරීමේ සහතික ලෙසින් හැදින්වේ.
රජයේ සන්නස් 
රජයේ සන්නස් ලෙස හදුන්වනු ලබන්නේ රජය විසින් කරන ලද ප්‍රදානයන් වේ. රජු කෙරෙහි පැවැති විශේෂ පක්ෂපාතීත්වය හෝ කළ විශේෂ සේවාවක් ඇගයීම සදහා මෙලෙස ප්‍රදාන සිදු කරන ලදී. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළදී ඔබට විවිධ යුග වලට අයත් සන්නස් අධ්‍යනය කළ හැකි අතර විශේෂ‍යෙන් නුවර යුගයට අයත් සන්නස් බහුතරයක් සොයාගත හැක.
ඡන්ද දායක නාම ලේඛන 
ඡන්ද දායක නාම ලේඛන සම්බන්ධව ගත් කල, 1994 දක්වා වන ඡන්ද දායක නාම ලේඛන, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී.
තෝම්බු 
තෝම්බු හදුන්වා දෙනු ලැබුවේ පෘතුගීසින් විසිනි. තෝම්බුවල ඔවුන් යටතේ පැවැති සියලු පළාත් වල ඉඩම් පිළිබද සියලු විස්තර අඩංගු වේ. ලන්දේසීන් විසින්ද වඩා ක්‍රමවත් ආකාරයෙන් තෝම්බු පවත්වාගෙන යනු ලැබිනි. තෝම්බු වර්ග පවුල් තෝම්බු, ඉඩම් තෝම්බු සහ පාසැල් තෝම්බු ලෙස වර්ග කොට ඇත.
විහාර හා දේවාල ඉඩම් ලේඛන
බෞද්ධ විහාර වලට හෝ දේවාල වලට පිරිනමන ලද, රජු හෝ රජ අණ යටතේ වෙනත් නිළධාරියෙකු විසින් නිකුත් කරන ලද ඉඩම් ප්‍රදානයන් විහාර හා දේවාල ඉඩම් ලෙස දක්වයි.  මෙම ලේඛන වල විහාරයට අයත් ඉඩම සදහන් ගමේ නම, ඉඩමේ සීමාවන්, ප්‍රමාණය, ඉඩමේ හිමිකම් පිඹුරු අංකය හා එය සහතික කළ දින ආදිය සදහන් වේ.
ගැසට් පත්‍ර
ගැසට් පත්‍රය, නෛතික හා පරිපාලන තොරතුරු සහිත මූලාශ්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කරන නිල රජයේ ප්‍රකාශනයකි. නව නීති, රෙගුලාසි, රජයේ පත්කිරීම්, ආර්ථික තොරතුරු, ආගමන විගමන, සහ ප්‍රසිද්ධ දැන්වීම් ඇතුළු පුළුල් පරාසයක අන්තර්ගතයන් එහි අඩංගු වේ. මැතිවරණ, රජයේ නිවාඩු දින සහ ප්‍රතිපත්ති මය වෙනස්කම් වැනි කරුණු පිළිබඳ වැදගත් යාවත්කාලීන කිරීම්, ටෙන්ඩර් නිවේදන සහ විවිධ රජයේ තීරණ වලට අදාළ නිවේදන ද  ගැසට් පත්‍රය තුළ අන්තර්ගත වේ. වරින් වර ප්‍රකාශයට පත් කරන අතර රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කරයි. රටේ නීතිමය රාමුව සහ පරිපාලන ක්‍රියාවලි අවබෝධ කර ගැනීමට ගැසට් පත්‍රය වැදගත් වේ.

  • ඔබට අවශ්‍ය ලේඛන/පිටපත්/ පරිවර්තන ලබාගැනීම සදහා ඔබ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන සබදතා අංශය වෙත පැමිනිය යුතුය.
  • ඉන් පෙර, දෙපාර්තමේන්තු පිවිසුමේ ආරක්ශක අංශයට ඔබගේ වලංගු අනන්‍යතා පත්‍රයක් (ජාතික හැදුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය හෝ රාජකාරි හැදුනුම්පත) ලබාදී අමුත්තන් සදහා වන අවසර පත ලබාගත යුතු අතර මෙහි සිටින කාලය තුළ එය පැලද සිටීම අනිවාර්ය වේ.
  • මහජන සබදතා අංශයට පිවිස ඔබගේ අවශ්‍යතාවය එහි කවුන්ටරයේ නිළධාරී මහත්ම මහත්මීන් දැනුවත් කිරීමෙන් පසු අවශ්‍ය අයදුම්පත් ලබාගත හැකිය.
  • ඔබට අවශ්‍ය එක් එක් ලේඛන සදහා අයදුම්පත් එක බැගින් සම්පූර්ණ කළ යුතු වේ.
  • තවද ඉඩම් පිළිබද ලේඛන ලබාගැනීමේදී අදාළ ඉඩමේ හිමිකම් පිඹුරු අංකය දැන සිටිය යුතුය.
  • ඉඩම් පිළිබද වාර්තා නිකුත් කළ හැක්කේ ඔබට අයිති ඉඩම් සදහා පමණි.
  • තමාට අයත් නොවන ඉඩම් ලියකියවිලි ලබාගැනීමට අවශ්‍ය, නීතිමය කටයුතු සදහා වැනි අවශ්‍යතාවයකදී ඒ බව සදහන් කොට නීතිඥවරයකුගෙන් ලබාගත් ලිපියක් රැගෙන පැමිණිය යුතුය. 
  • ඉඩම් සම්බන්ධ ලේඛන ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ 1948 වසර දක්වා ලේඛන පමණි.
  • ඔබගේ හැදුනුම්පතේ ඡායා පිටපතක් රැගෙන පැමිණිය යුතුය.
  • අදාළ අයදුම්පත් සම්පූර්ණ කර මහජන සබදතා කාර්යාලයට අදාළ මුදල් ගෙවීම් සිදු කළ යුතුය.
  • ගාස්තු පහත පරිදි වේ.
    • සෙවීම් සදහා - රු.60.00
    • පිටපත් ලබාගැනීම - රු.240.00
    • දේශීය සෙවීම් - රු.600.00
    • A4 ප්‍රමාණයේ මුද්‍රණ සදහා (පිටුවක්) - රු.120.00
    • A3 ප්‍රමාණයේ මුද්‍රණ සදහා (පිටුවක්) - රු.180.00
  • මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදු කිරීමට,  Director General National Archives, Account No. 086-1001-3-9026218, Peoples Bank, Thimbirigasyaya Branch වෙත අදාල ගෙවීම් සිදු කොට 0715440858 අංකයට රිසිට්පත whatsapp ඔස්සේ යොමු කරන්න.
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්, ඔබගේ හැදුනුම්පත් පිටපත මහජන සබදතා අංශයට භාර දී, මුදල් ගෙවූ පසු ඔබගේ බිල්පත ලබාගත හැක.
  • ඔබට අවශ්‍ය ලේඛන වර්ගය අනුව එය ලබා ගැනීමට පහත පරිදි කාලය ගතවන බව කරුණාවෙන් සලකන්න.

පුවත්පත්, පනත් සහ ගැසට් නිවේදන හා වෙනත් ප්‍රකාශනවල පිටපත් සසදා සහතික කිරීම

ප.ව 12.00 ට පෙර ලබාදුන් විට එදින ප.ව 2.00 ට නිකුත් කරනු ලැබේ.

ප.ව 12 න් පසු ලබාදුන් විට පසුදින පෙ.ව 10.00 න් පසු නිකුත් කරනු ලැබේ.

ගැසට් පත්‍ර සෙවීම් කර එම පිටපත් සහතික කිරීම

(පිටු 1 - 20 අතර)

පිටු 20 ට වැඩි

නිකුත් කිරීම සදහා දින 1 යි.

බ්‍රිතාන්‍ය යුගයේ රජයේ සන්නස්

 

සෙවීම් සදහා සති 2 කි

සහතික කරන ලද පිටපත් ලබාදීම සදහා දින 5 කි

නිල පංගු/ප්‍රවේණි පංගු/කොමසාරිස් ලේඛන

ධාන්‍ය බදු රෙජිස්ටර්/ තක්සේරු වාර්තා

විහාර හා දේවාල ඉඩම් ලේඛන

 

ඡන්ද හිමි නාම ලේඛන

සෙවිම් සදහා සති 2 යි

උද්ධෘත නිකුත් කිරීම සදහා දින 5 යි

දේශීය විමසීම්

විදේශීය විමසීම්

 

විමසීමේ ස්වචාවය අනුව කාලය තීරණය කෙරේ.

ලේඛන පිටපත් ලබාදීම

දින 5යි

ලන්දේසි තෝම්බු

සෙවීම් සති 2 යි

පරිවර්තනය සදහා (පිටු 1-2) මාස 1 යි

ඊට වැඩි වේ නම් මාස 2 යි.

  • ඔබගේ ලේඛන සූදානම්ව ඇත්දැය් දැනගැනීමට මහජන සබදතා අංශය සම්බන්ධ කරගැනීමට හැකියාව පවතින අතර නියමිත දින කාර්යාලීය වේලාව තුළ පැමිණ ඒවා ලබාගත හැක.
    
    

    මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම

  • මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම සදහා ඉහත දක්වා ඇති ලේඛන නාම මත click කරන්න.
  • ඉන්පසු එලඹෙන වෙබ් පිටුවේ අයදුම් පතෙහි හිස් කොටු සම්පූර්ණ කර, අදාළ ලේඛන සදහා නියමිත ගාස්තු ගෙවීම් කල රිසිපත, ඔබගේ හැදුනුම් පත් පිටපත ඇතුලත් කර අයදුම් කිරීම සම්පූර්ණ කරන්න.
  • ඉන්පසු ඔබව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු මහජන සබදතා අංශය විසින් සම්බන්ධ කරගනු ඇත.
  • නිළධාරීන් උපදෙස් දෙනු ලබන පරිදි ඔබට නියමිත දිනට පැමිණ හෝ තැපැල් මාර්ගයෙන් ලේඛන ලබාගැනීම සිදු කළ හැක.



මෙම අංශයේ අරමුණ මහජන සම්බන්ධතා පවත්වා ගැනීමයි

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-09-09 14:17:30~ සේවාදායක වේලාව​: 2024-11-14 00:05:08