• ඔබ පර්යේෂණ කාමරයට ඇතුල් වන්නේ කෙසේද?

    ඔබ ජාතික ලේඛනාගාරයේ පර්යේෂණ කටයුත්තක් ආරම්භ කිරීමට සූදානම්ද? ඒ සඳහා මෙම නීති මාලාව ඔබට වඩාත් උපකාර වනු ඇත.

  • අවුරුදු 18 ට වැඩි විය යුතුය. වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් අවසරයක් නැතිව පර්යේෂණ කාමරයට ඇතුල් නොවිය යුතුය.
  • ජාතික ලේඛනාගාරයේ පර්යේෂණ කාමරයට පැමිණියේ ප්‍රථම වරට නම් හෝ ඔබගේ පර්යේෂණ කාමර අවසර පත්‍රය අලුත් කළ යුතු නම් ඔබගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් අවශ්‍ය වේ.
  • සෑම විටකදීම පැළඳිය යුතු අමුත්තන්ගේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පිළිගැනීමේ අංශය වෙත පිළිගත් අනන්‍යතා පත්‍රයක් (විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රජයේ හැඳුනුම්පත හෝ ජායාරූපයක් සහ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වෙනත් හැඳුනුම්පතක්) ඉදිරිපත් කළ යුතුය.
  • සම්බන්ධතා කාර්යාලයට යන්න.
  • අවසර පත්‍රය ලබාගැනීමේ අයදුම්පත්‍රයෙහි පර්යේෂණ කාමරය භාවිත කිරීමට අවශ්‍ය කාලය සඳහන් කරන්න. ඔබට මාස හයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගත හැකිය.
  • සම්බන්ධතා අංශය මඟින් ඔබට පාඨක අවසර පත්‍රයක් සහ ටිකට් පතක් ලබා දෙනු ඇත. මෙම පර්යේෂණ නීති මාලාව කියවා අවබෝධ කර ගැනීමෙන් පසු ඔබට ලැබෙන අවසර පත්‍ර‍ය අත්සන් කළ හැකිය. 
  • ඔබට පර්යේෂණ කාමරයට පිවිසීමට පුළුවන. ආරක්ෂක අංශය සහ කාර්යය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා පාඨක අවසර පත්‍රය නිරතුරුව ළඟ තබාගන්න.
  • අංශය විසින් ඔබගේ ගමන් මළු සහ වෙනත් පුද්ගලික ද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා සේප්පුවල යතුරු දෙනු ලැබේ. ඔබ පර්යේෂණ කාමරයට රැගෙන යන සහ ඉන් පිටතට රැගෙන එන සියලු ද්‍රව්‍ය ආරක්ෂක අංශ වෙත පෙන්වීමට සිදු වනු ඇත. විශේෂ අවශ්‍යතාවයක් මත ඔබගේ සියලු ම ගමන් මළු සහ අනිකුත් පෞද්ගලික ද්‍රව්‍ය පරීක්ෂණයට යටත් වන බව කරුණාවෙන් සළකන්න.
  • කාමරයේ කාර්ය මණ්ඩලය සඳහා ටිකට්පත ලබා දෙන්න.
  • ලේඛනයෙහි ලියාපදිංචි වන්න. ඔබ ලේඛන පරිශීලනය නොකළ ද, පර්යේෂණ කාමරයට පැමිණෙන සෑම දිනකම මෙම ලේඛනයේ අත්සන් කළ යුතුය.

 

පර්යේෂණ කාමරය තුළට ආහාර, බීම වර්ග හෝ ජලය රැගෙන යාමෙන් වළකින්න.

 

ඔබ පර්යේෂණ කාමරයට ගෙන යා යුත්තේ මොනවාද?

  • , සටහන් පොත්, වෙනත් කඩදාසි සහ විශාලක කාච (magnifying glass) රැගෙන ඒම සඳහා ඔබට අවසර ඇත. ලිපිගොනු කවර ගෙන ඒමෙන් වැලකිය යුතුය.
  • ලබා දුන් සේප්පුවේ ඔබගේ ගමන් මළු, ලැප්ටොප් බෑග් සහ ආවරණ තැබිය යුතුය.
  • කාමරයේදී ඔබ විසින් රැගෙන එන මුද්‍රිත පොත් භාවිත කිරීමට අවශ්‍ය නම්, පර්යේෂණ කාමරය ඉදිරිපිට සිටින ආරක්ෂක නිලධාරියාට පෙන්වා ඒ සඳහා නියමිත පෝරමය සම්පූර්ණ කර පර්යේෂණ කාමරය භාර නිලධාරියාගේ අනුමැතිය ඇතිව පමණක් පර්යේෂණ කාමරයට රැගෙන යාමට පුළුවන.
  • ලැප්ටොප් පරිගණකය, ටැබ්ලට් යන්ත්‍රය සහ ජංගම දුරකථනය පර්යේෂණ කාමරයට රැගෙන යා හැකිය. කරුණාකර ඔබගේ දුරකථනයේ සහ පරිගණකයේ ශබ්ද පර්යේෂණ කාමරය තුළ දී නිමා කර ඇති බව තහවුරු කර ගන්න. පර්යේෂණ කාමරය ඇතුළ දී දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.
  • විසින් ඡායාරූප ගැනීමට අදාළ ගෙවීම් කර ඇති විට ඔබගේ කැමරාව පර්යේෂණ කාමරයට රැගෙන යා හැකිය. කැමරාවේ ආලෝකය (ෆ්ලෑෂ්) සහ ශබ්දය අක්‍රිය කරන්න.
  • කාමරය තුළට කතුරු, පිහි සහ පැන්සල් මුවහත් කරන උපකරණ වැනි තියුණු උපකරණ රැගෙන යා නොහැක.

 

ලේඛන ඔබ පරිශීලනය සඳහා ඉල්ලීම් කරන්නේ කෙසේද?

  • කටයුතු සඳහා මාර්ගෝපදේශන ලබා ගැනීම සඳහා පර්යේෂණ කාමර නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ඔබට ගැටළු තිබිය හැකිය. ජාතික ලේඛනාගාරයේ නිලධාරීන්ට ලැබෙන කාලය අනුව ඔබට උදව් කිරීමට අපි නිරතුරුව කටයුතු කරන්නෙමු. මූලික වශයෙන් විමසීම් සඳහා අප සතුව මාර්ගෝපදේශ තුනක් ඇත:
  • විසින් නිතර සෙවීම් සිදු කිරීමට භාවිත කරන, යම් නිශ්චිත ගාස්තුවලට යටත් වන ලේඛන කාණ්ඩ.
  • සතුව ඇති ලේඛනවල ස්වභාවය, ප්‍රමාණය සහ ඒවා ඔබගේ අවශ්‍යතාවයන්ට අදාළ වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට පුළුවන. 
  • පර්යේෂණයට අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට පර්යේෂණ සිදු කිරීම ඔබගේ වගකීමකි. එම පර්යේෂණ අපට සිදු කළ නොහැක.
  • පෙළගස්වා ඇත්තේ එම ලේඛනවල ප්‍රභවය පිළිබඳ න්‍යාය පදනම් කර ගෙනය. ඒ මඟින් ලේඛන උපත ලැබූ ආයතනය හෝ පුද්ගලයා යන්න අදහස් වේ.
  • පර්යේෂණයකට අවශ්‍ය වන්නේ ඉඩම් ලේඛන හෝ රහස්‍ය ලේඛන වැනි පරිශීලනය සීමා කර ඇති ලේඛන කාණ්ඩයකින් නම්,
  • සඳහා ලිපියක් මඟින් අවසර ලබා ගැනීමට අවශ්‍ය වන අතර පර්යේෂණ කාමරයේ එම ලේඛන පරිශීලනයට වෙන් කළ මේසයේ පමණක් ඉඩ දෙනු ලැබේ. අංශ භාර නිලධරියාගේ විශේෂ අවසරය යටතේ පමණක් එම ලේඛන වෙනත් මේසයක පරිශීලනය කළ හැකිය.
  • පුස්තකාලය අධිලේඛන මූලාශ්‍ර පරිශීලනයට අවශ්‍ය සම්බන්ධීකාරකයක් විනා සාමාන්‍ය පුස්තකාලයක් ලෙස සේවා නොසපයන අතර, සාමාන්‍ය පරිශීලනය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හෝ කොළඔ ජාතික කෞතුකාගාර පුස්තකාලය භාවිත කළ හැකිය.
  • අවශ්‍ය එක් එක් ලේඛනය සඳහා වෙන වෙනම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. මෙම ඉල්ලුම්පත්‍ර ඔබේ මේසයෙහි හෝ පර්යේෂණ කාමර නිලධාරියා ලග ඇත. එහි අවශ්‍ය තොරතුරු සියල්ල පැහැදිලිව සම්පූර්ණ කළ යුතුය.
  • අවසරයකින් මිස, එක් වරකට ඉල්ලා සිටිය හැක්කේ ලේඛන තුනයි. හැකි ඉක්මනින් අදාළ ලේඛන ඔබට ලබාදීමට අප උත්සහ දරන අතර, ආරක්ෂිත තත්ත්වයන් යටතේ ලේඛන තැන්පත් කර තබා ඇති බැවින්, ඒවා ලබා දීම තරමක් ප්‍රමාද වීමට පුළුවන. ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා ලබාගත් ලේඛන තුන පරිශීලනය අවසන් කිරීමට පෙර, පරිශීලනයට වෙනත් ලේඛන අවශ්‍ය නම් ඔබේ ඊළඟට අවශ්‍ය ලේඛන තුන සඳහා ඉල්ලීමක් කළ හැකිය.
  • දිනකට ලේඛන හයක් ඉක්මවා ඉල්ලුම් කරන්නේ නම්, එම අමතර අයිතම නිකුත් කිරීම සඳහා මුදල් ගෙවීමක් කළ යුතු වේ. අදාළ ගාස්තු පිළිබඳ පර්යේෂණ කාමර නිලධාරීන්ගෙන් විමසිය හැකිය. පර්යේෂණ කාමරයේ සහ පුස්තකාලයේ තැන්පත් පොත් සඳහා ගාස්තු අය නොකෙරේ.
  • ඉල්ලා ඇති ලේඛන පර්යේෂණ කාමරයට පැමිණි විට එම ලේඛන ඔබගේ මේසය වෙත ගෙන එනු ඇත.

 

ඡායා පිටපත් ගත හැකිද?

  • පරිලෝකනය කිරීම හෝ ඡායාරූප ගැනීම සඳහා ඉල්ලීම් කිරීමේදී පළමුව පර්යේෂණ කාමරය භාර නිලධාරියා වෙත ඉල්ලීම ඉදිරිපත් කර ලේඛන ප්‍රතිමූර්තිකරණය කිරීමට සුදුසු මට්ටමක පවතී නම් ඒ සඳහා අයදුම්පත්‍රය ලබා ගාස්තු පිළිබඳ විමසන්න.
  • පරිලෝකනය කිරීම හෝ ඡායාරූපකරණය සඳහා අවශ්‍ය කරන පිටු නිවැරදිව කොඩි දමා සළකුණු කරන්න.
  • සෑම දිනකම ප.ව. 3 ට පෙර මහජන සම්බන්ධතා අංශය වෙත ගෙවීම් කළ යුතුය.
  • ඡායාරූපය ගැනීමට පෙර ඒ සඳහා ගෙවීම් කර ලබාගත් ලදුපත් පර්යේෂණ කාමරය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ආලෝකය විහිදුවීම (Flash) භාවිත නොකරන්න.

 

...ලේඛන ඔබ පරිශීලනය සඳහා ඉල්ලීම් කරන්නේ කෙසේද?

  • ඉල්ලුම් කර ඇති ලේඛන පරීක්ෂා කර අවසන් කළ වහාම එම ලේඛන පර්යේෂණ කාමරයේ නිලධාරීන් වෙත ආපසු ලබා දිය යුතු අතර, ඒ දක්වා ඔබ ලේඛන සඳහා වගකිව යුතු වේ. ප්‍රමාණයෙන් විශාල ලේඛන හැසිරවීම සඳහා කාර්යාල සහායකයින්ගේ සහාය ඉල්ලා සිටිය හැක.
  • දිනවලදී ද එකම ලේඛන නැවත පරිශීලනය කිරීමට අවශ්‍ය නම් එම ලේඛන 'R' ලකුණ සහිත කොඩි මඟින් සළකුණු කර අංශ භාර නිලධරියා දැනුවත් කළ යුතුය. විශේෂ අවසරයක් මත මිස එම ලේඛන වැඩ කරන දවස් දෙකක් පමණක් රඳවා තබනු ලැබේ.
  • සඳහා කරන ඉල්ලීම් ප.ව. 03.30 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර, සියලු ම ලේඛන ප.ව. 4.00 වන විට ආපසු භාර දිය යුතුය.
  • තත්ත්වය අයහපත් හෝ යම් විශේෂ වටිනාකමක් සහිත ලේඛන විශේෂ අධීක්ෂණයක් යටතේ පරීක්ෂා කළ යුතු බවට හෝ පරීක්ෂා කළ නොහැකි බවට අංශ භාර නිලධාරියා විසින් ඔබට දැනුම් දෙන අතර මේ පිළිබඳ අවසාන තීරණය ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් විසින් ගනු ලැබේ.
  • ප්‍රවේශ පරිගණක ලබා දී ඇත්තේ SLNA දත්ත සමුදායන්ට ප්‍රවේශ වීම සඳහා පමණි.

 

ඔබ ලේඛන පරිශීලනය කළ යුත්තේ කෙසේද?

  • හැකි තරම් අවම වශයෙන් මෙහෙයවන්න. අධිලේඛන හා වෙනත් ලේඛන පරිශීලනය කිරීමේදී සෑම විටම සැලකිලිමත් වන්න.
  • ආකාරයකට මුල් ලේඛන මත ලිවීම හෝ සලකුණු කිරීමක් නොකළ යුතුය.
  • කාමරයෙන් පිටතට ලේඛන රැගෙන යා නොහැක.
  • සහ ආලේපන වර්ග ලේඛන දිරාපත් වීමට හා ඒවායේ පිරිහීමට හේතු වන බැවින්, ලේඛන පරිශීලනය කිරීමේදී ඔබගේ දෑත් ක්‍රීම් සහ ආලේපන වර්ගවලින් තොරව තබා ගැනීමට සැළකිලිමත් වන්න.
  • පිටු පෙරලීමේදී ඇඟිලි මත තෙත හෝ කෙළ ගෑවීමෙන් වළකින්න.
  • පැන්සල් භාවිත කළ යුතු අතර කිසි විටක පෑන්, marker pen, මකන හෝ මකන දියර භාවිතා නොකළ යුතුය. පැන්සල් මුවහත් කිරීම සඳහා පර්යේෂණ කාමරයේ තබා ඇති කටරය පමණක් භාවිත කළ යුතුය.
  • සලකුණු කිරීමට ඇලෙන සුළු ස්ටිකර් (Post-It) භාවිතා නොකරන්න. ඒ සඳහා මේසයේ සපයා ඇති කඩදාසි කොඩි පමණක් භාවිතා කරන්න. ලේඛනවල දැනටම බහා ඇති සළකුණු කොඩි ඉවත් නොකරන්න.
  • පෙරලීමේදී ලේඛනවලට හානි නොකළ යුතු අතර පිටු පෙරලීමේදී පිටුවේ දකුණු පස ඉහළ කෙළවරෙන් අල්ලා ප්‍රවේශමෙන් පිටු පෙරලීම කළ යුතුය.
  • මත ඔබගේ අත් තැබීම නොකළ යුතු අතර ලේඛන මත වෙනත් කිසිදු ද්‍රව්‍යයක් තැබීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ලේඛන නැවීමෙන් සහ ලේඛන අතර හෝ මත ඔබගේ පෞද්ගලික ලිපි ද්‍රව්‍ය තැබීමෙන් වළකින්න.
  • මත හෝ ලේඛන රඳවනය මත සමතලා ලෙස ලේඛන දිග හැරිය යුතු අතර අත්වලින් ලේඛන රඳවා නොගත යුතුය. ලේඛන රඳවා තැබීමේදී සම්පූර්ණ ලෙසම ලේඛනයට ආධාරකයක් දිය යුතුය.
  • සහ ගොනුවල පිටු පිළිවෙළ ආරක්ෂා කළ යුතු අතර, පිටු අනුපිළිවෙළ වෙනස් වී ඇති විටකදී ඔබ එය සැකසීමට උත්සාහ නොකර, ඒ පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කාරුණික වන්න.
  • පිළිවෙළට සකස් කිරීම සඳහා ලේඛන මේසය මත තබා තට්ටු කිරීම නොකර අතින් පමණක් පිටු සකස් කරන්න.‍
  • කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය සංරක්ෂණ සඳහා යොමු කිරීමට කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න. ලේඛනයකට කිසියම් හදිසි අනතුරක් සිදුවුවහොත් එය වහාම වාර්තා කරන්න.
  • මත සව් කඩදාසි ආදිය අතුරා අනුරේඛනය නොකරන්න.
  • ඔබ විසින් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති ඕනෑම වාර්තාවක්, අත්පිටපතක් හෝ ලේඛනයකට හානි කිරීම හෝ හානි කිරීමට තැත් කිරීම සිදුවුවහොත් ජාතික ලේඛනාරක්ෂක නීතිය අනුව, එනම් 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ 17 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.
  • ඕනෑම අයකුගෙන් කිසියම් විමසීමක් කිරීමේදී නිහඬ බව ආරක්ෂා කර අන් අයට බාධාවක් නොවන්න.
  • මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කිරීම ජාතික ලේඛනාගාරයේ කාර්ය මණ්ඩලයේ වගකීමයි. ඔබ මෙම නීති රීති පිළිපැදීමට අපොහොසත් වන්නේ නම්, එය ඔබ භාවිත කරන ලේඛන පරිශීලනය සඳහා අවසර ලබා නොදීමට හෝ ඔබගේ පාඨක අවසර පත්‍රය අවලංගු කිරීමට ද හේතු විය හැකිය.
  • ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අරමුණ ඔබගේ පර්යේෂණ කාර්යය සඳහා උපරිමයෙන් සහය දැක්වීමයි!

 

  • ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කාමරය සඳුදා සිට සිකුරාදා දක්වා කාර්යාල දිනවල පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා පර්යේෂකයන්ට විවෘත වේ.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-01 21:36:15