දිවයිනේ සියලුම ප්‍රකාශනවල නෛතික තැන්පතුවක් ලෙස සේවය කරමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතියට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කරයි. එබැවින්, ජාතික ලේඛනාරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්, පොත් සහ පුවත්පත් රෙජිස්ට්‍රාර්වරයා ලෙස ද කටයුතු කරයි. දිවයිනේ ප්‍රකාශයට පත් කෙරෙන පොත්පත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීම සහ රජයේ නෛතික තැන්පතුවක් පවත්වාගෙන යාම මෙම අංශයේ වගකීම වේ.

පුවත්පත් ලියාපදිංචි කිරීම, පුවත්පත් ලැයිස්තු සහ ඔවුන්ගේ මුද්‍රණාල  ලියාපදිංචිය  යාවත්කාලීන කිරීම සහ  පුවත්පත් ලියාපදිංචි කිරීම මුද්‍රණාල පරීක්ෂා කිරීම, ප්‍රකාශන ලැයිස්තුව පරිගණක ගත කිරීම, මාසික ප්‍රකාශන ලියාපදිංචි කිරීම, ගැසට් සඳහා සූචියන් සකස් කිරීම වැනි කටයුතු ද මෙම අංශය මගින් සිදු කෙරේ.

මුද්‍රණාල සහ ප්‍රකාශක ආඥාපනත යටතේ නිල ප්‍රකාශන ඇතුළුව සියලුම ප්‍රකාශනවල පිටපත් පහක් RBN 1 පෝරමය සමඟ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට එවිය යුතුය. (RBN ආකෘති පත්‍ර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෝ www.archives.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක). එක් පිටපතක් නෛතික තැන්පතුවක්  ලෙස ජාතික ලේඛනාරක්ෂකාගාරයේ ගොනු කරනු ලැබේ. ඉතිරි පිටපත් එක බැගින් නෛතික තැන්පතුවක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය, ජාතික කෞතුකාගාර පුස්තකාලයට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ පුස්තකාලය වෙත යවනු ලැබේ.

1832 සිට මෙරට ප්‍රකාශයට පත් කරන ලද පොත්පත් සහ අනෙකුත් ලේඛන සහ පුවත්පත් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇත. මෙයට සමගාමීව සියලුම පුවත්පත් සහ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

• 1885 සිට නෛතික තැන්පතු

• 1832 සිට ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරන ලද පුවත්පත්.

• 1885 සිට දිවයිනේ මුද්‍රණය කරන ලද පොත්.

 

පොත්පත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ නීතිමය රාමුව

මුද්‍රණාල

  • මුද්‍රණාල ආඥා පනත - 1902 අංක 16
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1951 අංක 20
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1955 අංක 22
  • මුද්‍රණාල (සංශෝධන) පනත - 1983 අංක 26

මුද්‍රණශිල්පීන් සහ ප්‍රකාශකයන්

• 1885 අංක 01 දරන මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ ආඥා පනත.

• 1951 අංක 28 දරන මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත.

• 1976 අංක 6 දරන මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත.

• 1983 අංක 27 දරන මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ (සංශෝධන) පනත.

 

පුවත්පත්

• 1839 අංක 05 දරන ප්‍රවෘත්ති පත්‍ර ආඥාපනත

• 1951 අංක 18 දරන ප්‍රවෘත්ති පත්‍ර (සංශෝධන) පනත.

• 1976 අංක 05 දරන ප්‍රවෘත්ති පත්‍ර (සංශෝධන) පනත.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-01 20:41:11