මුද්‍රණ ශිල්පීන්ගේ සහ ප්රකාශකයින්ගේ ආඥා පනත අනූව සෑම ප්‍රකාශනයක්ම ජාතික ලේඛනාගාරයේ පොත් හා පුවත්පත් ලියා පදිංචි කිරීමේ අංශයේ ලියා පදිංචි කළ යුතුය. එය නීතිමය අවශ්‍යතාවයකි.
එයට ලියාපදිංචි මුද්‍රණාලයක මාසිකව මුද්‍රණය කරන ලද එක් එක් ප්රකාශනවල පිටපත් 5 බැගින් එම එක් එක් ප්‍රකාශන වලට අදාළව වෙන වෙනම සම්පූර්ණ කරන ලද විස්තර පත්‍රිකා සමඟ ආර්බීඑන් අංශය වෙත ලබා දිය යුතුය.
ආර්බීඑන් අංශය මඟින් එම පිටපත් 05ට ම අනන්‍ය වූ එක් අංකයක් ලබා දෙයි. එය RBN අංකය ලෙස හැඳින්වේ.
RBN යන්නෙහි විස්තෘත නාමය Registration of Books and News Papers යන්නයි.
නැත. එහෙත් කිසියම් නීතිමය අවශ්යතාවකය දී නීතිමය තැන්පතුවේ පිටපතක් එදින පරිශීලනය සඳහා පමණක් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියෙන් ලබාගත හැකිය. එය සෙවීම් කාමරයේදී පමණක් පරිශීලනය කළ හැකිය.
එහෙත් මහජනතාවගේ පරිහරණය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට සෑම ප්‍රකාශනයකින්ම එක් පිටපත් ලබා දී ඇත. ඒ පිළිබඳ විස්තර එම ආයතනයෙන් විමසන්න.
ඔව්. සෑම ප්‍රකාශනයකම පිටපත් 05 බැගින් ඉහත අංක 1 යටතේ සඳහන් කර ඇති අවශ්‍යතා සම්පූර්ණ කරමින් තැපැල් මඟින් එවීමේ දී වඩාත් සැලකිලිමත් වන්න.
නැත. ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩයලය යි. එම ආයතනයට කතාකිරීමෙන් අදාළ විස්තර ලබාගත හැකි බව කාරුණිකව දැනුම් දෙමු.
නොහැකිය. වෙනත් රටක මුද්‍රණය කළ ප්‍රකාශන පිළිබඳව කටයුුතු කිරීමේ නෛතික හැකියාවක් අපට නැත.