Open House at the Sri Lanka National Archives (2024)
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නැරඹීම සඳහා ලියාපදිංචියට සාදරයෙන් පිළිගනිමු!
ඉතිහාසය ජීවමාන වන ජාතික ලේඛනාගාරයේ සාරවත් අත්දැකීමකට ඔබට ආරාධනා කිරීමට ලැබීම පිළිබඳ අපි සතුටු වෙමු. මෙම අවස්ථාව මහජනතාව සහ රාජ්‍ය සේවකයින් සඳහා අපගේ ආයතනයේ සංරක්ෂණය කර ඇති ඉතා වැදගත් හා වටිනා අධිලේඛන දැක ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලැබේ.
කවුරුන් සඳහා ද: මහජනතාව සහ රාජ්‍ය සේවකයින් (වරකට සාමාජිකයන් 20 දෙනෙකු සඳහා)
කණ්ඩායම් වෙන්කිරීම්: මාසයේ සෑම පළමු හා දෙවන සිකුරාදා දිනකම කණ්ඩායම් වෙන් කරවා ගැනීම් සඳහා ජාතික ලේඛනාගාර සහකාර අධ්යක්ෂ දිලිනි ලියනගේ මිය (+94 710882688) හෝ ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක චන්ද්ර්රිකා වැලිඅංග මිය (+94 71 530 7986) අමතන්න. නොඑසේ නම් විද්‍යුත් තැපෑල හා සම්බන්ධ වන්න
liyanage.d@archives.gov.lk
welianga.c@archives.gov.lk
භාෂාව: පැහැදිලි කිරීම් සිංහලෙන් කරනු ලැබේ.
අපේ ජාතියේ ඉතිහාසය පිළිඹිඹු කරන ජාතික ලේඛනාගාරයේ තැන්පත් කඩදාසි ලේඛන, ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීමේ සංකීර්ණ ක්‍රියාකාරකම් අනාවරණය කර ගන්න. ඔබ පළපුරුදු ඉතිහාසඥයෙකු හෝ කුතුහලයෙන් පිරි නරඹන්නකු වුුව ද, ජාතික ලේඛනාගාරය නැරඔීමේ වැඩසටහන දැනුමෙන් පිරිණු සැසියක් සහතික කරයි.
අපගේ සංස්කෘතික උරුමය නැරඹීමට අප හා එක්වන්න. ජාතික ලේඛනාගාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!
ආචාර්ය නදීරා රූපසිංහ
ජාතික ලේඛනාගාර අධ්යක්ෂ ජනරාල්
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07
2024.11