ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව පිළිබඳ මහජන අදහස් විමසීම

2024.02.14 දින මධ්‍යම රාත්‍රී 12 සිට 2024.02.29 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉදිරිපත් කිරීම් භාරගනු ලැබේ.

බාගතකිරීම්

Framework for Framework for National Archives and Records Management Legislation (PDF 312 KB)

හැඳින්වීම

ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව පිළිබඳ ප්‍රතිපෝෂණ සැපයීමට ඔබ දක්වන උනන්දුව අපි බෙහෙවින් අගය කරමු. මහජනතාවගේ අවශ්‍යතා සපුරාලන පුළුල් නීතියක් නිර්මාණය කිරීම සඳහා ඔබේ අදහස් සහ යෝජනා අප අපේක්ෂා කරනු ලැබේ.

ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව කෙටුම්පත් කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පහත සඳහන් කමිටුව පත් කරන ලදී.

  1. නයිජල් නුගවෙල මහතා, අධිලේඛනාරක්ෂක (සභාපති)
  2. ආචාර්ය නදීරා රූපසිංහ, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් (සාමාජික)
  3. මහාචාර්ය රොහාන් සමරජීව, හිටපු සභාපති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) (සාමාජික)
  4. පියතිස්ස රණසිංහ මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල්, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (සාමාජික)
  5. යමුනා රණවන මහත්මිය, හිටපු නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක (සාමාජික)
  6. රවීන්ද්‍ර ප්‍රියන්ත ලාල් මහතා, කථිකාචාර්ය, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (සාමාජික)
  7. චමිලා ප්‍රියංගනී මිය, ජාතික ලේඛනාගාර සහකාර අධ්‍යක්ෂ (කැඳවුම්කරු)

සහභාගි වන ආකාරය

ඔබගේ ප්‍රතිචාර තැපෑල මඟින් හෝ dgna@archives.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ හැකි ය. නැතහොත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 07, පිලිප් ගුණවර්ධන මාවත, අංක 07 දරන ස්ථානයට හෝ අපගේ ශාඛා කාර්යාලය පිහිටි මහනුවර, හේමමාලි මාවතේ, අංක 4/6 දරන ස්ථානයට පැමිණ භාර දිය හැකිය.  

ඔබ ඉදිරිපත් කරනු ලබන අදහස් නිශ්චිත විය යුතු අතර, ඔබේ කරුණු තහවුරු කිරීම සඳහා තර්කානුකූලව ඉදිරිපත් කරන ලෙස අපි ඔබව උනන්දු කරවමු.

අනාවරණ ප්‍රකාශය
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඔබේ කැමැත්ත ප්‍රථමයෙන් ලබා නොගෙන තෙවන පාර්ශ්වයකට ඔබගේ පෞද්ගලික දත්ත ලබා නොදීමට වග බලා ගනු ලැබේ. ඔබ සපයන තොරතුරු අදාළ කාර්යය සඳහා අනුගමනය කරන නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා පමණක් භාවිත කෙරේ.

ආචාර්ය නදීරා රූපසිංහ
ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල්
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව
2024.02.14 

දු. අං. 0112671042

 

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-01 21:32:23