ඡන්ද මූලධර්මය හඳුන්වා දීම
ශ්‍රී ලංකාවේ දෙවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1910 කෘෘව් මැකලම් ප්‍රතිසංස්කරණයයි. ඡන්ද බලයෙන් උගත් ලාංකික නියෝජිතයෙකු පළමුවරට ව්‍යවස්ථාදායක සභාවට පත්කර ගැනීමට ඉඩ ලැබෙන්නේ මෙමඟිනි. එලෙස ඡන්දයෙන් තෝරා පත් කර ගත් ප්‍රථම උගත් ලාංකික නියෝජිතයා පොන්නම්බලම් රාමනාදන් ය.       දහනව වන සියවස අගභාගය වනවිට බටහිරකරණයට නැඹුරු වු උගත් ලාංකිකයන් දේශපාලන සංවිධාන පිළිබදව දැක්වු උනන්දුව මෙම ප්‍රතිසංස්කරණ සඳහා පසුබිම සැලසීය.1908 දී ජේම්ස් පීරීස් විසින් ආණ්ඩුකාරවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින්, කොළඹ මහ නගර සභාව තරම්වත් විශාල නොවු කුඩා දූපත්වලට පවා ව්‍යස්ථාදායක සභාවලට ඡන්දයෙන් නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව ලබා දී තිබීමත්, ඉන්දියාවට මෝලි මින්ටෝ ප්‍රතිසංස්කරණ ලබාදී තිබීමත්, එහෙත් ලංකාවට එවැනි තත්ත්වයක් ලබා දී නොතිබීමත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.රාජකීය ආඥා පත්‍රයෙන් නව ආණ්ඩුක්‍රමය 1910 නොවැම්බර් මස ප්‍රකාශයට පත් කෙරිණි. ව්‍යස්ථාදායක සභාව නිලලත් සමාජිකයන් 11 දෙනෙකුගෙන් සහ නිලනොලත් සමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත විය. නිලනොලත් සමාජිකයන්ගෙන් හය දෙනෙකු නාමකරනයෙන් පත් වූ අතර හතර දෙනෙකු ජනවාර්ගික පදනමින් පත් කෙරිණි.හැන්සාඩ්. ව්‍යවස්ථාදායක සභාවට ඡන්ද බලයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධ ආඥා පනත පිළිබඳ විවාදය, 28.09.1910

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:36:44