පළමු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1833
ලංකාවේ ආදායම, පරිපාලනය සහ අධිකරණ පද්ධතිය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද පළමු රාජකීය විමර්ෂණ කොමිසම, කෝල්බෲක් කැමරන් කොමිෂන් සභාව වේ. 1829 දී දිවයිනට පැමිණි විලියම් මැකන්සි, ජෝර්ජ් කෝල්බෘක් සහ 1830 දී පැමිණි චාල්ස් හේ කැමරන් මෙහි සාමාජිකයෝ වූහ. ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් මෙම කොමිසමට විරුද්ධ විය.

රාජ්‍ය නිලධාරින් හා මහජනයා වෙත ලබාදුන් ප්‍රශ්නාවලියක් මඟින් මෙන්ම කොමිසම වෙත ලැබුණු පෙත්සම්වලින් සහ රජයේ ආයතන සතු ලේඛන පරීක්ෂා කිරීමෙන් ද කොමිසම තොරතුරු ලබා ගන්නා ලදී.විධායක සභාවක් පිහිටුවීම, සිංහල, දෙමළ, බර්ගර් නිල නොවන නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම, ලංකාව පළාත් පහකට බෙදා දැක්වීම, සිවිල් සේවයේ වේතන අඩු කිරීම, මුළු දිවයිනටම නව අධිකරණ ක්‍රමයක් හඳුන්වා දීම ආදිය කොමිසමේ යොජනා ලෙස මෙරටට හඳුන්වා දෙන දීම වැදගත් විය.මෙම ලේඛනයෙන් පිළිබිඹු වන්නේ කොමිසම විසින් වගා කටයුතු පවත්වාගෙන යන ආකාරය, ශ්‍රමය ලබා ගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස ඉඩම් හිමියන්ගෙන් ප්‍රශ්න කරන ලද බවයි. ඒ පිළිබඳ විමර්ශනය කළ කොමිසම, රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කළේය.ජාතික ලේඛනාගාරය, 19/3, කෘෂිකාර්මික සම්පත් සම්බන්ධයෙන් කෝල්බෲක්-කැමරන් විමර්ශන කොමසාරිස්වරුන්ගේ ප්‍රශ්නවලට කොළඹ සහ යාබද දිස්ත්‍රික්කවල ප්‍රධාන මුදලිවරුන්ගේ සහ දේශීය ඉඩම් හිමියන්ගේ පිළිතුරු.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:27:37