1848 නිදහස් සටන
1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ මඟින් අහෝසි කරන ලද රාජකාරී ක්‍රමය, 1848 අංක 8 දරන මාර්ග ආඥා පනත මඟින් නැවත පැනවීමක් සිදු වූ බව, දුම්බර වැසියෝ 1848 ජූලි මස 6 වන දා ඉදිරිපත් කළ පෙත්සම් මඟින් චෝදනා කළහ.එදින පෙත්සම් භාර දීම සඳහා රජයේ ඒජන්ත බුලර්ගේ මහනුවර කච්චේරිය ඉදිරිපිට නිරායුද පුද්ගලයන් තුන්දහසක් පමණ රැස්ව සිටි බව යටත් විජිත ලේකම් වෙත ආණ්ඩුකාර ටොරින්ටන් විසින් ලියන ලද ලිපියේ සඳහන් වේ. ‘මෙතරම් විශාල ගොවි ජනතාවක් හදිසියේම ඔහු වෙත පැමිණීම නිසා ඒජන්තවරයාගේ මනස තරමක් ව්‍යාකූල වූ’ බව ද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටි.

ඔවුන් පැමිණියේ මාර්ග ආඥා පනත, සාප්පු බද්ද, තුවක්කු බද්ද, බලු බද්ද ආදි අළුතින් පනවන ලද බදු ඉවත් කර ගැනීම සඳහා ය. 1840 අංක 12 දරන කිරීටය සතු ඉඩම් අත්පත් කර ගැනීම වැලැක්වීමේ ආඥාපනත මඟින් උඩරට වැසියන්ට සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ ආර්ථික බලපෑම් දැනෙන්නට ඇත.මෙම ජනතා විරෝධය ක්‍රමයෙන් දරුණු අතට පත් වූ බැවින්, එය පාලනය කිරීම සඳහා ජූලි මස අවසාන වන විට යුද නීතිය පැණවීමට බ්‍රිතාන්‍යයන් හට සිදු විය.1848 ජූලි 6 වන දා මහනුවර කච්චේරිය ඉදිරිපිට රැස් වූ ජනතාව අතර, ගොංගාලේගොඩ බණ්ඩා සිටි බව කර්නල් ඩ්‍රවුට් සඳහන් කරයි. ගොංගාලේගොඩ බණ්ඩා අත්අඩංගුවට ගැනීම සඳහා පවුම් 100 ක සහ ඔහු අනුගාමික පුරන් අප්පු සඳහා පවුම් 5 ක ත්‍යාග මුදල් පිරිනමන බව මෙම ගැසට් පත්‍රවල සඳහන් වේ.

ජාතික ලේඛනාගාරය, 1847.01.09 දිනැති ගැසට් පත්‍රය, පුරං අප්පු අල්ලාගැනීම සඳහා මුදල් ත්‍යාගය, 1847.01.06

ජාතික ලේඛනාගාරය 5/35, යටත් විජිත ලේකම් වෙත ආණ්ඩුකාර ටොරින්ටන් විසින් ලියන ලද ලිපිය, 1848.07.09

ජාතික ලේඛනාගාරය 5/175, Pt. I, ගොංගාලේගොඩ බණ්ඩා අල්ලාගැනීම සඳහා පවුම් 100මුදල් ත්‍යාගය, 1848.07.30

ජාතික ලේඛනාගාරය, 1840 අංක 12 දරන රාජ සන්තක ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ ආඥාපනත

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:56:47