1818 නිදහස් සටන
උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වසරකට පසු බ්‍රිතාන්‍ය රජය සහ උඩරට ප්‍රධානීන් අතර සබඳතා පළුදු වන්නට වූ අතර, අතෘප්තිය වර්ධනය විය. 1817 දී ආරම්භ වූ නිදහස සඳහා වූ අරගලය උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි.කැරැල්ලේ ප්‍රධාන නායකයන් දෙදෙනා වූ කැප්පෙටිපොළ සහ පිලිමතලාව සිරභාරයට ගත් බව, ලන්ඩන් නුවර යටත් විජිත ලේකම් කාර්යාලය වෙත යොමු කළ ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ගේ මෙම ලිපියේ උද්ධාමයෙන් සිහිපත් කරයි.කැරැල්ලේ ප්‍රධාන භූමිකාවක් දළදාව වෙත හිමි වේ. ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ උඩරට ජන ප්‍රධානියෙකු වූ මඩුගල්ල ඉංග්‍රීසීන් විසින් අල්ලා ගත් මොහොතේ වනන්තරයේ සැක සහිත භික්ෂුවක් සිටින බව ඉංග්‍රීසි සොල්දාදුවන්ට ගම්වාසීන් පවසා ඇති බවයි. එම භික්ෂුව අස්ගිරි පාර්ශවයේ අනුනායක වාරියපොල සුමංගල හිමියන් බව පසුව අනාවරණය විය. උන්වහන්සේ සන්තකයෙහි තිබී ඇත්තේ 1818 මැයි මාසයේ දී දළදා මාලිගාවෙන් රැගෙන ගිය දළදා වහන්සේය.කැරැල්ල අවසන් වූයේ දළදාව තමන් අතට පත් වූ නිසා බව ප්‍රකාශ කිරීමට බ්‍රවුන්රිග් මෙම ලිපියෙන් උත්සාහ දරා ඇත. දළදාව තමන් වෙත හිමි වීම බ්‍රිතාන්‍ය පාලනයට ස්වදේශිකයින්ගේ අවනතභාවය හිමි වීමේ සංකේතයක් බව ඔහුගේ අදහස වේ. එහෙත්, කුරීරූ මර්දනය කැරැල්ල අවසන් වීමට බලපෑ සාධකය බව පැහැදිලි කරුණකි.1818 ජනවාරි 10 දිනැති ගැසට් පත්‍රය මඟින් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් ජන ප්‍රධානීන් 19 දෙනෙකු නිල වශයෙන් රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කරන ලද අතර, එම ප්‍රකාශය වසර දෙසීයකට පමණ පසුව 2016 දෙසැම්බර් 21 දින අංක 1998/25 දරන ගැසට් පත්‍රය මඟින් බල රහිත කරන ලද. ජාතික ලේඛනාගාරය, 5/10, ආණ්ඩුකාර බ්‍රවුන්රිග් යටත් විජිත කාර්යාලය වෙත 08.01.1819 දින ලියන ලද ලිපිය.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 20:40:43