දින සියයේ භීෂණය
1815 උඩරට ගිවිසුම අත්සන් කර වසර 100 සම්පූර්ණ වූයේ 1915 වර්ෂයේදීය. ඉංග්‍රීසි පාලනයට එරෙහි විරෝධතා පැනනැගෙමින් තිබූ අතර, 1915 කෝලාහලය ජනවර්ග අතර ගැටුමක් ලෙස හදුන්වමින් ආණ්ඩුකාර රොබට් චාමර්ස් සිංහල සමාජය වෙත දැඩි පීඩනයක් එල්ල කළේය. 1915 ජුනි 2 දින පැනවූ යුද්ධ නීතිය අනුව නඩු විමසීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව කෝලාහලයට සම්බන්ධවන ඕනෑම අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පොලීසියට හා හමුදාවට අවසර ලබා දෙන ලදී.කෝලාහලයේ සංදිස්ථානයක් ලෙස කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිරිස් ඝාතනය දැක්විය හැකිය. කොළඹ නගරාරක්ෂක බලකායේ (Colombo Town Guard) සෙබලෙකු වූ ඔහු, එයට බැඳුනු ප්‍රථම සිංහල ජාතිකයා ද විය. අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යන සැකය මත අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණයට ඉදිරිපත් කර 1915 ජූලි 07 දින මරණීය දණ්ඩනයට පමුණුවන ලදි. පේද්‍රිස්ගේ මරණය ලාංකික නිදහස් ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂයක් විය.
බ්‍රිතාන්‍යයන් විසින් කෝලාහලයේ දී, ඩී.එස්.සේනානායක, එෆ්.ආර් සේනානායක, ජෝන් ද සිල්වා, එඩ්වින් විජේරත්න, ටී.ඊ. ද සිල්වා, එෆ්.ඒච්. ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය හා ඒ.එච්.ඊ. මොලමුරේ වැනි මුල් පෙලේ සිංහල නායකයන් රැසක් සිරගත කරන ලදී .‘කෝට්ටේ සිංහයා’ ලෙස විරුදාවලිය ලද ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා මර්දනකාරී ක්‍රියාවන්ට එරෙහිව බ්‍රිතාන්‍ය රජයට පැමිණිලි කිරීමට සිය සපත්තුවේ පෙත්සමක් සඟවා ගනිමින් බ්‍රිතාන්‍යයට ගියේය. පොන්නම්බලම් රාමනාදන් සහ ඩී.බී. ජයතිලක ආදීන්ද පැමිණිලි කරන ලද නායකයින් අතර වූහ. ඔවුන්ගේ උත්සාහය චාමර්ස් ආණ්ඩුකාරවරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවීමටත්, දින සියයේ භීෂණය අවසන් කිරීමටත් හේතු විය
ජාතික ලේඛනාගාරය, 65/229. අමද්‍යප ව්‍යාපාරය ගැන රහස් පොලිස් වාර්තාවක්, 1915 අගෝස්තු 07
ජාතික ලේඛනාගාරය, Young Lanka League, හෙන්රි පේද්‍රිස්ගේ අනුස්මරණය, 1922 ජූනි 04.
ජාතික ලේඛනාගාරය, The Searchlight, ජනවාරි-දෙසැම්බර් 1936
.