ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නැරඹීම සඳහා සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රෞඪත්වය විදහා දක්වන, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නැරඹීමේ මහගු අවස්ථාව ඔබත් උදා කරගන්න. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින ඉතා වටිනා ඉතිහාසමය වටිනාකමකින් යුත් අධිලේඛන හා ඉතිහාසය සුරැකීමට මූලික වන සංරක්ෂණ කටයුතු මෙම සංචාරයේදී ඔබට දැකගත හැක. 

මේ සදහා සම්බන්ධ විය හැක්කේ 

කා හටද ? 

මෙම සංචාරය සදහා කැමැත්ත දක්වන ඕනෑම තනි පුද්ගලයකුට මෙන්ම, කණ්ඩායම් වශයෙන්ද ( පාසල් සිසුන්/ විශ්ව විද්‍යාල සිසුන්/ රජයේ සේවකයින් ආදී වශයෙන්) වෙන් කරගැනීම් සිදු කළ හැක.

කණ්ඩායමක් ලෙස වරකට සංචාරය කළ හැකි ගණන 12-15 කි.

මාධ්‍ය : පැහැදිලි කිරීම් සිංහලෙන් සිදු කෙරේ.

දිනය: සෑම මසකම දෙවැනි සිකුරාදා දින සහ අවසාන සිකුරාදා දින

වේලාව: පෙ.ව 9.30 - ප.ව 12.00 හෝ ප.ව 1.00 - ප.ව 3.30

ගතවන කාලය: පැය 2 යි මිනිත්තු 30 යි.

නැරඹිය හැකි දේ:
සහභාගිවන්නන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර මෙහෙයුම් හා අධිලේඛන නිරීක්ෂණය කරනු ඇත, ලේඛන කළමනාකරණ අංශය, සංරක්ෂණ අංශය, ශ්‍රව්‍ය දෘශ්‍ය අංශය, මහජන සම්බන්ධතා අංශය, සිතියම් අංශය සහ පර්යේෂණ කාමරය ඊට ඇතුළත් වේ.

සම්බන්ධ වන්නේ කෙලෙසද? 

  • තනි පුද්ගල හෝ කණ්ඩායම් වෙන් කරවාගැනීම් සදහා,

           📞 සම්බන්ධීකරණ නිලධාරි, ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක (වැ. බ.)  බිමල් අබේසේකර මහතා (0779088150) සම්බන්ධ කරගත යුතුය.

සටහන: පහත දිනවල උදෑසන සහ දහවල් සැසි දෙකම දැනටමත් වෙන්කරවා ගෙන ඇත.

            2025.01.31, 2025.02.14, 2025.02.28, සහ 2025.03.14.

මෙම දිනයන්ගෙන් පසුව ඔබට සංචාරයක් වෙන්කරවා ගැනීම සිදුකළ හැක.

අපගේ සංස්කෘතික උරුමය නැරඹීමට අප හා එක්වන්න. ජාතික ලේඛනාගාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

ආචාර්ය නදීරා රූපසිංහ
ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල්
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07
2024. නොවැම්බර්

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-12-02 10:02:20~ සේවාදායක වේලාව​: 2025-02-05 09:30:23