පර්යේෂණ කාමරය භාවිතා කරන්නේ කෙසේද?

ඔබට ඔබගේ පර්යේෂණ කටයුත්තක් සදහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇතුල් වීමේදී, පර්යේෂණ කාමරය භාවිතා කිරීමට අවශ්‍යනම් ඒ සදහා නිසි පරිදි යොමු වීමටත්, මැනවින් භාවිතා කිරීමටත් පහත උපදෙස් ඉවහල් වනු ඇත.

•    ඔබ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. වයස අවුරුදු 18 ට අඩු කිසිදු පුද්ගලයෙකුට භාරකරුවෙකු නොමැතිව පර්යේෂණ කාමරයට ඇතුළු විය නොහැක.
•    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කාමරයට ඔබගේ පළමු සංචාරය නම් හෝ පවතින අවසර පත්‍රය අලුත් කිරීමට අවශ්‍ය නම්, ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඔබගේ දත්ත ඇතුලත් පිටුවේ ඡායා පිටපතක් රැගෙන පැමිණිය යුතු වේ.
•    ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇතුල් වීමේදී, පිළිගැනීමේ කවුන්ටරයට ඔබගේ වලංගු අනන්‍යතා පතක් (විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය/ජාතික හැදුනුම්පත/ ජාතික හැදුනුම්පත් අංකය සහිත වෙනත් ඔබගේ පිලිගැනෙන පින්තූරයක්) ඉදිරිපත් කොට පර්යේෂකයින් සදහා නිකුත් කරන දෙපාර්තමේන්තු හැදුනුම්පත ලබාගත යුතු අතර රැදී සිටින කාලය තුල එය පැලද සිටීම අත්‍යවශ්‍ය වේ.
•    ඉන්පසු මහජන සබදතා අංශය වෙත යා යුතු වේ.
•    ඉන් ඔබ ලබා ගන්නා අයදුම් පත්‍රයේ ඔබට පර්යේෂණ කාමරය භාවිතා කළ යුතු කාලසීමාව දක්වන්න. (ඔබට ජනවාරි 01 සිට දෙසැම්බර් 31 අවසන් වන වසරක් සදහා ප්‍රවේශපත්‍ර ලබා ගත හැක..)
•    ඉන්පසු මහජන සබදතා නිළධාරීන් ඔබට පාඨක ප්‍රවේෂ‍යක් සහ ටිකට් පතක් ලබාදෙනු ලබයි. පර්යේෂණ කාමරයට අදාළ නීති රීති කියවා අවබෝධ කරගෙන ඔබ එහි අත්සන් කරන තෙක් ප්‍රවේශ පත්‍රය වලංගු නොවේ.
•    ඉන්පසු ඔබට පර්යේෂණ කාමරයට ඇතුලත් විය හැක.  
•    ඔබගේ භාණ්ඩ තැන්පත් කිරීම සදහා වන ලොකරයේ යතුර ඔබට ආරක්ෂක අංශය විසින් ලබාදෙනු ඇත. පර්යේෂණ කාමරය තුලට සහ ඉන් පිටතට ඔබ රැගෙන එන දෑ සියල්ල ආරක්ෂක අංශයට පරීක්ෂා කිරීමට ලබාදිය යුතුය.
•    ඔබ සතු ටිකට් පත  ස්ථාන භාර නිළධාරියා වෙත ලබාදෙන්න.
•    ඉන්පසු ඔබ පැමිණීමේ ලේඛනයට අත්සන් කළ යුතුය. ඔබ පර්යේෂණ කාමරයට පැමිණෙන සෑම දිනකම, ලේඛන භාවිතය සදහා උපදෙස් ගැනීම සිදු කලද නොකලද, අනිවාර්යෙන් එය අත්සන් කළ යුතුය.

ඔබට පර්යේෂණ කාමරය තුළ දුම් පානය, බීම හෝ කිසිවක් අනුභව කිරීම සිදු කල නොහැක.

ඔබට පර්යේෂණ කාමරය තුළට රැගෙන පැමිණිය හැකි දේ.

•    පැන්සල්, සටහන් පොත්, කඩදාසි සහ විශාලන කාච රැගෙන ආ හැක. නමුත් ෆයිල් කවර රැගෙන පැමිණීමෙන් වලකින්න.
•    කරුණාකර සියලුම බෑග් සහ ලැප්ටොප් බෑග් ඔබේ ලොකර් එකේ තබා පැමිණෙන්න.
•    පර්යේෂණ කාමරයේ පිවිසුම අසල ආරක්ෂක නිළධාරියාට පෙන්වීමෙන් පසු, ස්ථාන භාර නිළධාරියාගේ අනුමැතිය මත අවසර පත්‍රයක් සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ සන්තකයේ මුද්‍රිත පොත් තබාගත හැක.
•    ඔබට ඔබේ ලැප්ටොප් පරිගණකය, ටැබ්ලට් සහ ජංගම දුරකථනය පර්යේෂණ කාමරය තුළට ගෙන ඒමට හැක. නමුත් සියල්ල නිහඩව තබා ගැනීම අනිවාර්ය වේ. තවද දුරකථන ඇමතුම් සදහා අවසර නොමැත.
•    ලේඛන ඡා‍යාරූප ගැනීම සදහා මුදල් ගෙවා අවසර ගෙන ඇත්නම් ඔබගේ කැමරාව ඇතුලට රැගෙන ආ හැක. නමුත් එහි ෆ්ලෑෂ් සහ ශබ්ද සියල්ල ක්‍රියා විරහිත බවට ඔබ වගබලා ගත යුතුය.
•    කතුරු, පිහි සහ පැන්සල් මුවහත් කරන උපකරණ වැනි තියුණු වස්තූන් පර්යේෂණ කාමරය තුළට ගෙන ඒමට අවසර නැත.

ලේඛන ඉල්ලුම් කිරීම සිදු කරන්නේ කෙසේද?

•    පර්යේෂණ කාමරය භාර නිළධාරීන්ගෙන් ප්‍රශ්න විමසීමට ඔබට අවසර ඇත. හැකි උපරිම අයුරින් කාල වේලාව ඇති ආකාරයට ඔවුන් සහයෝගය ලබාදෙනු ඇත.
•    විමසීම් සමඟ කටයුතු කිරීමේදී මාර්ගෝපදේශ තුනක් අපට තිබේ.

I.    අප විසින්, යම් ගාස්තු වලට යටත්ව නිතිපතා සෙවුම් සිදු කරන වාර්තා කාණ්ඩ සමහරක් ඇත.
II.    අපගේ හිමිකාරිත්වයේ ස්වභාවය සහ ඔබේ රුචිඅරුචිකම් වලට සම්බන්ධ විය හැකි ආකාරය පැහැදිලි කිරීම සිදුකල හැක.
III.    ඔබගේ විමර්ශණයට අදාළ පිළිතුරු සොයාගනිමින් විමර්ශණය සිදුකරගනීම ඔබේ වගකීම වේ. පර්යේෂණය සිදු කිරීම අපහට සිදුකළ නොහැක.

  • රීතියක් ලෙස අපගේ අභිලේඛන වාර්තා සකස් කර ඇත්තේ මූලාරම්භය අනුව බව මතක තබා ගන්න, එනම් වාර්තා ආරම්භ වූ ආයතනය හෝ පුද්ගලයා මත වේ.
  • ඔබට අවශ්‍ය ලේඛන, ඉඩම් වාර්තා හෝ රහස්‍ය වාර්තා වැනි සීමා සහිත කාණ්ඩයට අයත් ලේඛන නම්, ඔබ ඒවා සඳහා ඉල්ලීම් ලිපියක් ලිවිය යුතුය. එය අනුමත කරන ලද්දේනම්, ඔබට ඒවා කියවිය හැක්කේ සීමිත ප්‍රවේශය සඳහා නම් කර ඇති මේසය මත පමණි. ඔබට ඒවා වෙනත් මේසයක කියවිය හැක්කේ රාජකාරියේ යෙදී සිටින නිලධාරියාගේ අවසරය ඇත්නම් පමණි.
  • අධිලේඛන සම්බන්ධ ලේඛන තැන්පත්ව ඇතත් අපගේ පුස්තකාලය නිත්‍ය පුස්තකාලයක් ලෙස කටයුතු නොකරයි. මේ සඳහා අවශ්‍යතාවක් ඇත්නම් ඔබට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට හෝ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයට පිවිසිය හැකිය.
  • ඔබට අවශ්‍ය එක් එක් අයිතමය සඳහා වෙනම ඉල්ලීම් පෝරම සම්පූර්ණ කරන්න. මෙම පෝරම ඔබේ මේසය මත හෝ ස්ථාන භාර නිළධාරියාගෙන් ලබා ගත හැකිය. අවශ්‍ය සියලු තොරතුරු පැහැදිලිව පිරවීම සිදු කළ යුතුය
  • විශේෂ අවසරයක් සහිත අවස්ථාවක් නොවන විටකදී, ඔබට වරකට අයිතම තුනක් දක්වා ඉල්ලා සිටිය හැකිය. ඔබට හැකි ඉක්මනින් ඔබේ ලේඛන ලැබෙන බවට අප සහතික වන අතර, ලේඛන  ආරක්ෂිත තත්වයන් යටතේ කෝෂ්ඨාගාර වල තබා ඇති නිසා  ඔබ වෙත ලබාදීමට තරමක කාලයක් ගත වන බව කරුණාවෙන් සලකන්න. ප්‍රමාදය අවම කිරීම සඳහා ඔබ සතුව දැනටමත් ඇති ලේඛන භාවිතා කර අවසන් කිරීමට පෙර ඔබේ ඊළඟ අයිතම ඉල්ලා සිටිය හැකිය.
  • ඔබ දිනකට ලේඛන හයකට වඩා ඇණවුම් කරන්නේ නම්, අමතර ලේඛන නිකුත් කිරීමේ සේවාව සඳහා ඔබට ගෙවීමට සිදු වනු ඇත. කරුණාකර කාර්ය මණ්ඩලයෙන් අපගේ ගාස්තු පිලිබද විමසීම සිදු කරන්න. (පුස්තකාල පොත් හෝ පර්යේෂණ කාමරයේ තැන්පත් කර ඇති පොත් සඳහා කිසිදු ගාස්තුවක් අදාළ නොවේ.)

ඡායාරූප ගැනීම සිදුකළ හැකිද?

•    ස්කෑන් සහ ඡායාරූප ලබා ගැනීම සදහා පළමුව ස්ථාන භාර නිළධාරියාගෙන් ඉල්ලීමක් සිදු කළ යුතුය. අදාළ ලේඛන දිරාපත් නොවූ ස්කෑන් සහ ඡායාරූප ලබා ගැනීම සදහා සුදුසු තත්වයේ පවතින ඒවා විය යුතුය.
•    ස්කෑන් සහ ඡායාරූප ලබා ගැනීම සදහා අදාළ මිල ගනන් විමසීම සිදු කොට ඒ සදහා අවසර අයදුම්පතක් ලබාගන්න.
•    ස්කෑන් කිරීම හෝ ඡායාරූප ගත කිරීම සඳහා අවශ්‍ය පිටු ඔබ නිවැරදිව ෆ්ලැග් කිරීම සිදු කළ යුතුය.
•    සෑම දිනකම ප.ව 3 ට පෙර මහජන සම්බන්ධතා අංශයට අදාළ මුදල් ගෙවිය යුතුය.
•    ඡායාරූප ගැනීමට පෙර ඔබ ඡායාරූප සඳහා ගෙවීම් සිදු කළ රිසිට්පත ස්ථාන භාර නිළධාරියා වෙත පෙන්වන්න.
•    කැමරා ෆ්ලෑෂ් භාවිතා නොකරන්න.

ලේඛන භාවිතා කරන්නේ කෙසේද?

•    ඔබේ ලේඛන ලැබුනු විට, ඒවා ඔබේ මේසය වෙත ගෙන එනු ලැබේ.
•    ඔබ ඉල්ලා ඇති ලේඛන භාවිතා කර අවසන් වූ පසු, ඒවා වහාම කාර්ය මණ්ඩලය වෙත ආපසු ලබා දෙන්න. එතෙක්, ඔබ එම ලේඛන සඳහා වගකිව යුතුය. විශාල වෙළුම් භාවිතයේදී, ඔබට කාර්යාල සහායකයින්ගේ සහාය ඉල්ලා සිටිය හැකිය.
•    ඉදිරි දිනයන්හි දීත් එම ලේඛනම නැවත භාවිතා කිරීමට ඔබට අවශ්‍ය නම්, සෑම අයිතමයක්ම DNA/10/RQ/2 පෝරමයේ සලකුණු කර ස්ථාන භාර නිළධාරියා වෙත දැනුම් දෙන්න. විශේෂ අවසරයක් යටතේ ලබාගන්නා ලේඛන නොවන සාමාන්‍ය අවස්ථාවකදී, කාර්යාල දින දෙකක් සඳහා පමණක් ලේඛන රඳවා ගනු ලැබේ.
•    ලේඛන භාවිතය සඳහා වන ඉල්ලීම් අවශ්‍ය දිනයේ ප.ව 3.30 ට පෙර භාර දිය යුතුය. සියලුම ලේඛන ප.ව 4 වන විට රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් වෙත ආපසු ලබා දිය යුතුය.
•    ඇතැම් දිරාපත් වූ හෝ වටිනා ලියකියවිලි පරීක්ෂා කිරීමට අවසර නොමැති අවස්ථා මෙන්ම විශේෂ කොන්දේසි යටතේ පරීක්ෂා කළ යුතු අවස්ථා ඇත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි.
•    ඔබගේ දත්ත, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දත්ත ගොනු සදහා පමණක් භාවිතා කෙරේ.

ලේඛන හැසිරවිය යුත්තේ කෙසේද?

•    ලේඛන හැකිතාක් ලිහිල්ව ඇල්ලීම සිදු කරන්න. ප්‍රවේශමෙන් භාවිතා කරන්න.
•    ඔබ කිසිදු ආකාරයකින් මුල් ලේඛන මත ලිවීම හෝ සලකුණු කිරීම සිදු නොකළ යුතුය.
•    පර්යේෂණ කාමරයෙන් පිටතට ලේඛන රැගෙන නොයන්න.
•    ඔබේ දෑත් පිරිසිදු මෙන්ම පැල්ලම් ඇති කළ හැකි ආලේපන වලින් තොර බවට වග බලා ගන්න.
•    පිටු පෙරලීමට ඇඟිලි තෙත් කිරීමක් හෝ කෙළ තැවරීම කිසි විටෙකත් නොකරන්න.
•    සෑම විටම පැන්සලක් භාවිතා කරන්න, කිසි විටෙකත් පෑන් හෝ මාකර් භාවිතා නොකරන්න. ඔබට මකන දියර හෝ මකන භාවිතා කළ නොහැක. පර්යේෂණ මැදිරියේ නියමිත ස්ථානයෙන් පැන්සල් මුවහත් කළ හැකිය.
•    පිටු සලකුණු කිරීම සඳහා ස්ටිකර් හෝ ඇලෙන සුළු සටහන් කිසි විටෙකත් භාවිතා නොකරන්න. ඔබ අයිතම ෆ්ලෑග් කිරීම සිදු කරන විට, එක් එක් මේසය මත ලබා දී ඇති කඩදාසි ෆ්ලෑග් පමණක් භාවිතා කරන්න. දැනටමත් ලේඛන වලට ඇතුළත් කර ඇති ෆ්ලෑග් ඉවත් නොකරන්න.
•    පිටු ප්‍රවේශමෙන් එකින් එක හරවන්න (ඉහළ දකුණු කෙළවරේ සිට). ලියකියවිලි වලට හානි නොකිරීමට ප්‍රවේශම් වන්න.
•    ඔබේ අත ලේඛන හෝ පොත් මත තැබීමෙන් වලකින්න. පිටු නැවීම හෝ ඔබේ සටහන් ලේඛන සමඟ එක්ව තැබීමෙන් වලකින්න.
•    වෙළුම්, ගොනු හෝ ලිහිල් පිටු ඔබේ මේසය මත පැතලිව තබා ගන්න. ඒවා ඔබේ දෑතින් අල්ලාගෙන නොසිටින්න. ලේඛන සෑම විටම සම්පූර්ණ ආධාරකයක් සහිතව පැවතිය යුතුය.
•    එක් එක් ෆෝල්ඩරයේ ලේඛන අනුපිළිවෙල හෝ සැකැස්ම එලෙසම පවත්වා ගන්න. ලියකියවිලි අනුපිළිවෙලින් බැහැර බව පෙනේ නම්, කරුණාකර කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න. ඒවා ඔබම නැවත සකස් කිරීමට උත්සාහ නොකරන්න.
•    ඒවා නැවත පිළිවෙලට සකස් කිරීම සඳහා පිටු මේසය මත තබා තට්ටු නොකරන්න. ඔබට හැකි තරම් ඔබේ දෑතින් මෘදු ලෙස ඒවා සකසන්න.
•    කිසියම් ලේඛනයකට හානි සිදුවී ඇත්නම් කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න. ඔවුන් ඒවා අපගේ සංරක්ෂණ අංශය වෙත යොමු කරනු ඇත. ලේඛනයකට ඕනෑම ආකාරයක හානියක් සිදුවීනම්, වහාම කාර්ය මණ්ඩලයට වාර්තා කරන්න.
•    කාබන්/ටිශූ හ්භෝ ඕනෑමදෙයක් භාවිත කරමින් පිටු මත තබා පිටපත් ගැනීමෙන් වලකින්න.
•    1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක නීතියේ 17 (1) වගන්තිය යටතේ ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති ඕනෑම වාර්තාවක්, අත්පිටපතක් හෝ ලේඛනයක් විනාශ කිරීම, විකෘති කිරීම, සලකුණු කිරීම හෝ හානි කිරීම සම්බන්ධයෙන් ඔබට අධිකරණයේ නඩු පැවරිය හැකි බව කරුණාවෙන් සලකන්න.

ඔබ කාර්ය මණ්ඩලය ඇතුළු පර්යේෂණ කාමරයේ ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කළ යුතු නම්, කරුණාකර හැකි තරම් ශබ්ද නොනගා කතා කරන්න. අන් අයට බාධා වන පරිදි හැසිරීමෙන් වලකින්න.

නීතිරීති වලට අනුකූල වීම සහතික වීම කාර්ය මණ්ඩලයේ යුතුකමකි. ඒවා අවබෝධ කරගැනීමට අපොහොසත් වීමෙන් ඔබ භාවිතා කරන වාර්තා ඉවත් කිරීමට හෝ ඔබේ පාඨක පාස්පත අවලංගු කිරීමට හේතු විය හැක.

පර්යේෂණ කාමරය සඳුදා සිට සිකුරාදා දක්වා කාර්යාල දිනවල පෙ.ව. 9 සිට ප.ව  4 දක්වා විවෘතව පවතී.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-09-09 14:17:30~ සේවාදායක වේලාව​: 2024-12-02 02:13:47