ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන සබදතා අංශයට ඔබ සාදරයෙන් පිළිගනිමු!
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින නිල පංගු, ප්‍රවේණි පංගු, ධාන්‍ය බදු ලේඛන, රජයේ සන්නස්, ඡන්දදායක නාම ලේඛන, තෝම්බු, විහාර හා දේවාල ඉඩම් ලේඛන, ගැසට් පත්‍ර නීතිමය පිළිගැනීම සහිත වටිනා මූලාශ්‍ර වේ. ඔබට ඒවා භාවිතා කිරීමට ජාතික ලේඛනාගාරය විසින් ඉඩහසර සලස්වා ඇත. ඒ සදහා ඔබට පහත උපදෙස් හා පැහැදිලි කිරීම් වැදගත් වනු ඇත.
නිල පංගු /ප්‍රවේණි පංගු
හිමිකරුගේ නම සහ නිල කරය, ඉඩමේ පිහිටීම සහ දැනට පවතින ස්ථානය සහ සපයනු ලබන සේවාව පිළිබඳ විස්තර මෙමගින් සපයයි.
ධාන්‍ය බදු ලේඛන
ධාන්‍ය බදු අය කිරීම ලංකාවේ ඈත අතීතයේ සිට පැවත එන ක්‍රියාවලියකි. මෙම ධාන්‍ය බදු එකතු කිරීම සදහා සකස්කළ ලේඛන, ධාන්‍ය බදු පොරොන්දු ලියාපදිංචි කිරීමේ සහතික ලෙසින් හැදින්වේ.
රජයේ සන්නස්
රජයේ සන්නස් ලෙස හදුන්වනු ලබන්නේ රජය විසින් කරන ලද ප්‍රදානයන් වේ. රජු කෙරෙහි පැවැති විශේෂ පක්ෂපාතීත්වය හෝ කළ විශේෂ සේවාවක් ඇගයීම සදහා මෙලෙස ප්‍රදාන සිදු කරන ලදී. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළදී ඔබට විවිධ යුග වලට අයත් සන්නස් අධ්‍යනය කළ හැකි අතර විශේෂයෙන් නුවර යුගයට අයත් සන්නස් බහුතරයක් සොයාගත හැක.
ඡන්ද දායක නාම ලේඛන
ඡන්ද දායක නාම ලේඛන සම්බන්ධව ගත් කල, 1994 දක්වා වන ඡන්ද දායක නාම ලේඛන, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී.
තෝම්බු
තෝම්බු හදුන්වා දෙනු ලැබුවේ පෘතුගීසින් විසිනි. තෝම්බුවල ඔවුන් යටතේ පැවැති සියලු පළාත් වල ඉඩම් පිළිබද සියලු විස්තර අඩංගු වේ. ලන්දේසීන් විසින්ද වඩා ක්‍රමවත් ආකාරයෙන් තෝම්බු පවත්වාගෙන යනු ලැබිනි. තෝම්බු වර්ග පවුල් තෝම්බු, ඉඩම් තෝම්බු සහ පාසැල් තෝම්බු ලෙස වර්ග කොට ඇත.
විහාර හා දේවාල ඉඩම් ලේඛන
බෞද්ධ විහාර වලට හෝ දේවාල වලට පිරිනමන ලද, රජු හෝ රජ අණ යටතේ වෙනත් නිළධාරියෙකු විසින් නිකුත් කරන ලද ඉඩම් ප්‍රදානයන් විහාර හා දේවාල ඉඩම් ලෙස දක්වයි. මෙම ලේඛන වල විහාරයට අයත් ඉඩම සදහන් ගමේ නම, ඉඩමේ සීමාවන්, ප්‍රමාණය, ඉඩමේ හිමිකම් පිඹුරු අංකය හා එය සහතික කළ දින ආදිය සදහන් වේ.
ගැසට් පත්‍ර
ගැසට් පත්‍රය, නෛතික හා පරිපාලන තොරතුරු සහිත මූලාශ්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කරන නිල රජයේ ප්‍රකාශනයකි. නව නීති, රෙගුලාසි, රජයේ පත්කිරීම්, ආර්ථික තොරතුරු, ආගමන විගමන, සහ ප්‍රසිද්ධ දැන්වීම් ඇතුළු පුළුල් පරාසයක අන්තර්ගතයන් එහි අඩංගු වේ. මැතිවරණ, රජයේ නිවාඩු දින සහ ප්‍රතිපත්ති මය වෙනස්කම් වැනි කරුණු පිළිබඳ වැදගත් යාවත්කාලීන කිරීම්, ටෙන්ඩර් නිවේදන සහ විවිධ රජයේ තීරණ වලට අදාළ නිවේදන ද ගැසට් පත්‍රය තුළ අන්තර්ගත වේ. වරින් වර ප්‍රකාශයට පත් කරන අතර රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කරයි. රටේ නීතිමය රාමුව සහ පරිපාලන ක්‍රියාවලි අවබෝධ කර ගැනීමට ගැසට් පත්‍රය වැදගත් වේ.
මහජන සබදතා අංශයෙන් ඔබට සේවා රැසක් ලබාගත හැකි වන අතර පර්යේෂණ කාමරය වෙත පාඨක පත්‍ර ලබාගැනීම, ලේඛන සෙවීම් කටයුතු, ඩිජිටල්කරණ සේවා හා උද්ධෘත සහතික කිරීම ඒ අතර වේ. ඒ සදහා උපදෙස් පහත දක්වා ඇත.
ඔබට අවශ්‍ය ලේඛන වර්ගය අනුව එය ලබා ගැනීමට පහත පරිදි කාලය ගතවන බව කරුණාවෙන් සලකන්න.
1. පුවත්පත්, පනත් සහ ගැසට් නිවේදන හා වෙනත් ප්‍රකාශනවල පිටපත් සසදා සහතික කිරීම. (පිටු 1 - 20 අතර) සහ ගැසට් පත්‍ර සෙවීම් කර එම පිටපත් සහතික කිරීම (පිටු 1 - 20 අතර)
2. ඉහත සේවාවන් පිටු 20 ට වැඩි නම්,
3. ඉඩම් ලේඛන උද්ධෘත (බ්‍රිතාන්‍ය යුගයේ රජයේ සන්නස්/ නිල පංගු/ප්‍රවේණි පංගු/ ධාන්‍ය බදු රෙජිස්ටර්/ තක්සේරු වාර්තා/ විහාර හා දේවාල ඉඩම් ලේඛන)
4. ඡන්ද හිමි නාම ලේඛන උද්ධෘත
5. ලන්දේසි තෝම්බු පරිවර්තන
6. අධිලේඛන හා ප්‍රකාශන ඩිජිටල්කරණය/ පිටපත් ලබා දීම.
7. දේශීය / විදේශීය පුද්ගලයන් විසින් විවිධ තොරතුරු ඉල්ලීම.
ඔබට අවශ්‍ය සහයෝගය ලබාගැනීමට මහින්ද ධර්මසිරි මහතා (ජ්‍යේෂ්ඨ ලේඛනාරක්ෂක, මහජන සම්බන්ධතා අංශය) සම්බන්ධ කරගත හැක.
මෙම වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් ලබාගන්නේ කෙසේද?
මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම
ගෙවීම් සිදු කිරීම
අදාළ ගාස්තු පහත පරිදි වේ.
මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදු කිරීමට, Director General National Archives, Account No. 086-1001-3-9026218, Peoples Bank, Thimbirigasyaya Branch වෙත අදාල ගෙවීම් සිදු කොට 0715440858 අංකයට රිසිට්පත whatsapp ඔස්සේ යොමු කරන්න.