අධිලේඛන සහ ලේඛන කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
බලාත්මක දිනය: 2025.04.07
බාගත කිරීම: අධිලේඛන සහ ලේඛන කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (PDF, 1.8 MB)
අධිලේඛන සහ ලේඛන කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් අංක 22/1744/620/021 දරන 2022.11.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත් කරන ලද 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතිය සංශෝධනය කිරීම සඳහා වූ කමිටුවේ මූලික සාකච්ඡා අතරතුරදීය. නීතිය සංශෝධනය කිරීමට පෙර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කමිටුව උපදෙස් ලබා දෙන ලදී.
කමිටු සාමාජිකයන්
අනතුරුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වූ එම කමිටුවම පත් කරන ලදී. කමිටුවේ සාමාජිකයින් පහත පරිදි වේ.
i. නයිජල් නුගවෙල මහතා, අධිලේඛනාරක්ෂක (සභාපති)
ii. ආචාර්ය නදීරා රූපසිංහ, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් (සාමාජික)
iii. මහාචාර්ය රොහාන් සමරජීව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු සභාපති (සාමාජික)
iv. පියතිස්ස රණසිංහ මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (සාමාජික)
v. රවීන්ද්‍ර ප්‍රියන්ත ලාල් මහතා, කථිකාචාර්ය, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (සාමාජික)
ජාතික ලේඛනාගාර සහකාර අධ්‍යක්ෂ චමිලා ප්‍රියංගනී මිය කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළාය. පසුව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද කමිටුවට පත් කරන ලදී.
කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය
2023 ජූලි සහ අගෝස්තු මාසවලදී පොදු අධිකාරීන් (අමාත්‍යාංශ, තාක්ෂණික ආයතන සහ ජාතික ආයතන සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්) සහ සාමාන්‍ය ජනතාව (ප්‍රතිපත්ති කෙටුම්පතක් පිළිබඳ මහජන අදහස්) සමඟ උපදේශන පවත්වන ලදී.
මහජනතාවගෙන් ලැබුණු ලිඛිත අදහස් මත පදනම්ව, මහනුවර, යාපනය සහ කොළඹ යන පළාත්වලින් මහජන සාක්ෂි විමසීම් පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මහනුවර සහ යාපනය යන නගරවලින් ප්‍රතිචාර නොලැබුණු බැවින් 2023.08.25 වන දින කොළඹ, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී මහජන සාක්ෂි විමිසීමක් පැවැත්විණි.
මේ ප්‍රතිපත්තිය මුලින් අවසන් කරන ලද්දේ 2023.11.09 දින ය. කෙසේ වෙතත්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ජාතික ප්‍රතිපත්ති ආකෘතිය හේතුවෙන්, එම දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණී විජේසිංහ මහත්මිය කමිටුවට පත් කරන ලද අතර, එය තවදුරටත් සංශෝධනය කර 2024.12.11 දින අවසන් කරන ලදී.
අධිලේඛන සහ ලේඛන කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය 2025.04.07 දින ලබා දෙන ලදී.
ජාතික ප්‍රතිපත්තිය සඳහා තාර්කිකය
මේ කළමනාකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් මීට පෙර කිසිදා හඳුන්වා දී නොමැති අතර, එමඟින් දශක ගණනාවක් අකර්මන්‍යතාවයට, ප්‍රමුඛතාවය නොලැබීමට සහ අධිලේඛන සහ ලේඛන කළමනාකරණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳ අපැහැදිලිතාවයට දායකවෙමින්, විවිධ පොදු අධිකාරීන් විසින් ලේඛන කළමනාකරණ මාර්ගෝපදේශ සැපයීම ගැටුම්කාරී උපදෙස් ඇතිවීමේ අවදානම වැඩි කරන අතර එමඟින් පොදු ලේඛන වැරදි ලෙස කළමනාකරණය කිරීමට හේතු වේ.
පොදු අධිකාරීන් හරහා පොදු ලේඛන ක්‍රමානුකූලව කළමනාකරණය සහ සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග මෙහෙයවීමට සුසංයෝගී දැක්මක් සහ අධිකාරියක් අවශ්‍ය වේ.
ජාතික ප්‍රතිපත්තියේ වැදගත්කම
ක්‍රමානුකූලව කළමනාකරණය කරන ලද අධිලේඛන සහ ලේඛන මනා ලෙස ව්‍යුහගත වී ඇති, කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක් සඳහා පදනම වේ. මනාව නඩත්තු කරන ලද අධිලේඛන සහ ලේඛන කාර්යසාධනය අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීම් තුළින් වඩාත් දැනුවත් ආණ්ඩුවේ සැලසුම්කරණයේ සඵලතාවය තහවුරු කරයි.
අධිලේඛන සහ ලේඛනවලට ව්‍යාපාරවලට අදාළ තොරතුරු (ඉඩම් අයිතිය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, කොන්ත්‍රාත්තු ආදිය) ද අඩංගු වන අතර එමඟින් වටිනා ව්‍යාපාරික දැනුම ආරක්ෂා කර ගැනීම සහ නීතිමය සහ පරිපාලන ක්‍රියාවලීන්හි භාවිතා වන වාර්තා සංරක්ෂණය කරයි. සුමටව ක්‍රියාත්මක වන ලේඛන කළමනාකරණය සහ ජාතික අධිලේඛන පද්ධතියක් මඟින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරයි.
අකාර්යක්ෂම ලේඛන තබා ගැනීම, ප්‍රමිතිගත ක්‍රියා පටිපාටි නොමැතිකම සහ ප්‍රමාණවත් සම්පත් නොමැතිකම හේතුවෙන් ආයතනික මතකය නැතිවීම වළක්වා ගැනීම සඳහා වගකිවයුතු පාලනයේ සහ වගවීමේ වාතාවරණයක් නිර්මාණය කිරීම මේ ප්‍රතිපත්තියේ අරමුණයි.
සමාජය සුවපත් කිරීම, සංහිඳියාව සහ සත්‍ය ගවේෂණය ක්‍රියාවලීන් ආරම්භ කිරීම සඳහා වෙනස් කොට සැලකීමකින් තොරව සහ කාර්යක්ෂම අධිලේඛන සහ ලේඛන කළමනාකරණය අත්‍යවශ්‍ය වේ.
අධිලේඛන සහ ලේඛන කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රවේශය සහ විනිවිදභාවය වැඩි කිරීම සඳහා ගෝලීය අධිලේඛන සහ ලේඛන කළමනාකරණ ප්‍රමිති සපුරාලීම සඳහා මෙම ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් වැළඳ ගැනීම ප්‍රතිපත්තිය දිරිමත් කරයි.