උඩරට ගිවිසුම
දහසයවන ශතවර්ෂයේ අවසාන භාගයේ සිට, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් ද අනතුරුව ලන්දේසි වෙළද සමාගම විසින් ද පාලනය කරන ලදී. 1796 දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම විසින් එම ප්‍රදේශ අත්පත් කර ගත් අතර, 1802 දී බ්‍රිතාන්‍ය කිරීට පාලනයට නතු විය. උඩරට ප්‍රධානීන් සමඟ ඇති කර ගන්නා ලද දේශපාලන උපායමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 1815 මාර්තු මස උඩරට දී උඩරට ගිවිසුම අත්සන් කර බ්‍රිතාන්‍යයන් විසින් වසර දෙසීයකට වැඩි කාලයක් යුරෝපීය බලවතුන්ට ප්‍රතිරෝධය දැක් වූ කන්ද උඩරට රාජධානිය යටත් කර ගන්නා ලදී.හතරවන වගන්තිය මඟින් උඩරට රාජධානියේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය වෙත පැවරුණු අතර පස්වන වගන්තියෙන් බුද්ධාශාසනය සහ එයට අවේණික වූ සිරිත් විරිත් ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින් පොරොන්දු වී තිබිණ. ජාතික ලේඛනාගාරය, 6/12345. 1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ අත්සන් පිටුව.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:32:05