ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීම
1970 ජූලි මස 19 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උගතුන් ඇතුළු 1500ක පමණ පිරිසක් ස්ටැන්ලි තිලකරත්න මහතාගේ සභාපතීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරනු ලැබ සම්පාදිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 මැයි මස 22 වන දින සම්මත කොට ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.ජනතාවගේ පරමාධිපත්‍යය හා ව්‍යවස්ථාදායක බලය ව්‍යවස්ථාවේ පළමු වගන්තිය මඟින් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවටත්, 2 වන වගන්තිය මඟින් ඒකීය රජයක් බවටත් ප්‍රකාශ කෙරිණි. අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට ජනාධිපති ධුරයක් ස්ථාපිත කෙරුණු අතර විලියම් ගොපල්ලව මහතා ඒ් අනුව ජනාධිපතිවරයා ලෙස පත් කරන ලදි.ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාවක් මඟින්  ක්‍රියාත්මක කරනු ලබිය යුතු බවට 4 හා 5 වන වගන්ති මඟින් නියම කරන ලදි.ලංකාව හඳුන්වනු ලබන නාමය ශ්‍රී ලංකා ලෙස වෙනස් වූයේ මෙම ව්‍යවස්ථාව මගිනි.1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කරගෙන රාජ්‍ය ලාංජනය නිර්මාණය විය. චිත්‍ර ශිල්පි ඒස්.ඒම්. සෙනෙවිරත්න මහතා විසින් රාජ්‍ය ලාංජනය නිර්මාණය කර ඇත. රාජ්‍ය ලාංජනයේ හිමිකාරිත්වය හා භාවිතා කිරීමේ අයිතිය හිමි වන්නේ ජනාධිපතිවරයාටය. එය රාජ්‍යයේ නිල මුද්‍රාවයි.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:29:46