ඩොමීනියන් තත්ත්වය
ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලය යටතේ නිදහස ප්‍රදානය කරන බව යටත් විජිත ලේකම්වරයා විසින් ප්‍රකාශනයක් මඟින් දන්වන ලදුව ඩී.ඒස්.සේනානායක මහතා සමඟ 1947 නොවැම්බර් 11 දින ආරක්ෂක ගිවිසුම් 3කට අත්සන් තැබීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රජය විසින් 1947 නොවැම්බර් 21 වන දින ලංකා ස්වාධීනතා පනත එරට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබීය.ඒම වසරේ දෙසැම්බර් 03 දින ලංකා පාර්ලිමේන්තුවේ දී ද වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව මෙම පනතට දෙසැම්බර් මස 10 වන දින බ්‍රිතාන්‍ය මහ රජුගේ අනුමැතිය ද ලැබිණි. 1948 පෙබරවාරි 04 වන දින ලංකාව ස්වාධීන රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කෙරිණි. නිදහස් ශ්‍රී ලංකාවට ජාතික කොඩියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මත 1948 මාර්තු 06 දින ජාතික ධජ කමිටුව පත් කරන ලදී. එහි සභාපති ලෙස එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත්, ලේකම් ලෙස සෙනරත් පරණවිතාන මහතාත් කටයුතු කළ අතර, ටී. බී. ජයා, ලලිත  රාජපක්ෂ, ජී. ජී. පොන්නම්බලම්, සුදේශ් නඩේසන් ආදීන් සෙසු සාමාජිකයෝ වූහ.

අවසාන වරට මෙම කොඩිය සංශෝධනය කරන ලද්දේ ශ්‍රී ලංකා ධජය නිර්මාණ කමිටුවේ උපදෙස් පරිදිය. ඒ අනුව, මුළු හතරෙහි වූ බීරලු හතර වෙනුවට බෝ පත් හතර එක්විය. එයින් මෙත්තා, කරුණා‚ මුදිතා‚ උපේක්ඛා නිරූපණය කරයි. ජාතික කොඩිය S.L.S 693-1985 අංක දරන ශ්‍රී  ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු වේ

ජාතික කෞතුකාගාරය, ලංකා ස්වාධීනතා පනත, 1947

ජාතික කෞතුකාගාරය, ජාතික කොඩිය පිළිබඳ වාර්තාව - 1951

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 20:48:02