ලංකා ජාතික සංගමය
1919 දෙසැම්බර් මස 11 දින ලංකා ජාතික සංගමය පිහිටුවන ලද අතර ඒහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත් වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතාය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමේ කාර්යයෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට එම සංගමය සමත් විය. සංගමයේ අරමුණ වුයේ පොදු ජාතික ව්‍යාපාරයකි.1920 මැනිං ප්‍රතිසංස්කරණය යටතේ කොළඹින් වෙනම ආසනයක් පොන්නම්බලම් අරුණාචලම් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ නායකයන් ඉල්ලා සිටීමත්, එයට බහුතර සිංහල නායකයින් විරුද්ධත්වය දැක්වීමත් නිසා පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස්විය. සංගමයේ ශක්තිය හීන වීමට ඒය ප්‍රබල හේතුවක් වූවා සේම සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර පැවති  විශ්වාසය හා සමගිය යම් පමණකට පළුදු වීමටද ඒමඟින් බලපෑමක් ඇති කළේය.පහතරට සිංහලයන්ගෙන් ලැබුණු සහයෝගය අහිමි වී යෑම, ඒ.ඊ.ගුණසිංහ 1929 දී සංගමයෙන් ඉවත් වීම හා ඩොනමෝර් ක්‍රමය පිළිබඳ ඇති වූ විවාද නිසා ඊ. ඩබ්ලිව්. පෙරේරා ඇතුළු පිරිසක් ඉල්ලා අස්වීම ද සංගමය දුර්වල කිරීමට හේතු විණි.ජාතික ලේඛනාගාරය, 60‍ /39, 1918.12.13, ලංකා ජාතික සංගමයේ  රැස්වීම් සටහන්.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 20:52:47