අනගාරික ධර්මපාලතුමාගේ දිනපොතේ සටහන
ක්‍රි.ව. 1864 දී උපත ලද ඩේවිඩ් හේවාවිතාරණ හෙවත්  අනගාරික ධර්මපාල ලාංකීය නිදහස් සටනේ මෙන්ම අමද්‍යප ව්‍යාපාරයේ දැවැන්තයකි. 1891 ඉන්දියාවේ කල්කටා නුවරට ගොස් බුද්ධාගම ප්‍රචාරයට, මහා බෝධි සංගමය පිහිටුවීමට කටයුතු කළ ඔහු සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කර බෞද්ධ පුනරුද ව්‍යාපාරයට සක්‍රීය දායකත්වයක් සැපයීය.1915 දී යුධ නීතිය යටතේ  සිංහල බෞද්ධයා පුවත්පත තහනම් කෙරිණි. ඔහු ඉන්දියාවට ගිය අවස්ථාවේ දී ආපසු ලංකාවට පැමිණීමට නොහැකිව කල්කටා පොලිසියේ සුපරීක්ෂාව යටතේ වසර හයක් රැදී සිටීමට සිදුවිය. ආණ්ඩුකාර විලියම් මැනිං ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාව පාලනය කරන තුරු කිසිඳු හේතුවක් මත ඔහුට මෙරටට ඒමට අවසර නොදෙන බවයි.මෙලෙස නිවාස අඩස්සියේ සිටි කාලයේ දී සිය සහෝදරයා වන එඩ්මන් හේවාවිතාරණ මිය ගිය බවට දන්වා එවූ විදුලි පනිවිඩය සම්බන්ධයෙන් 1915 නොවැම්බර් මස 20 දින ඔහු සිය දින පොතේ තැබූ සටහනට අනුව 1915 කෝලාහල අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් තම සහෝදරයා අමානුෂික ලෙස ඝාතනයට ලක් වී ඇත.ජාතික ලේඛනාගාරය, 497/23, අනගාරික ධර්මපාලතුමාගේ දිනපොත, 1915

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 20:28:52