1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය
1924 සිට පැවති මැනිං ඩොවෙන්ෂයර් ආණ්ඩු ක්‍රමයේ වූ දුර්වලතා ඉවත් කිරීමේ අරමුණින් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. ඩොනමෝර් වාර්තාව 20 වන සියවසේ යටත් විජිත කටයුතු සම්බන්ධයෙන් සැකසුණු විශිෂ්ට රාජ්‍ය ලේඛනය සේ සැලකේ. ඒම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම ක්‍රමයෙන් සමාජගත වීම ආරම්භ විය.සර්වජන ඡන්ද බලය, වාර්ගික නියෝජනය අහෝසි කිරීම, පළාත්බද නියෝජනය, රාජ්‍ය මන්ත්‍රණ සභාව, විධායක කාරක සභා ක්‍රමය, අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ආදී සුවිශේෂී ලක්ෂණ ඇතුළත් වඩා යහපත් හා ප්‍රගතිශීලී යෝජනා ඩොනමෝර්  ආණ්ඩු ක්‍රමයේ ඇතුළත් විණි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම 1931 ජූලි 07 වන දින පවත්වා තිබේ.කොමිසම ඉදිරියේ “ස්ත්‍රින්ගේ ඡන්ද අයිතිය සඳහා වන සංගමයේ” ඇග්නස් සිල්වා ඇතුළු සංගම් සාමාජිකාවන් ලබා දුන් සාක්ෂි මඟින් කාන්තාවන්ට ද ඡන්ද බලය හිමි වීමෙහිලා විශාල පිටිවහලක් සැලසුණු බව පෙනේ.

ජාතික ලේඛනාගාරය, කාන්තා ඡන්ද බලය අවශ්‍ය බවට ඇග්නස් ද සිල්වා ඩොනමෝර් කොමිසම හමුවේ දුන් සාක්ෂි, 1927, වෙළුම 4

ජාතික ලේඛනාගාරය, හැන්සාඩ්, 1931.07.07, රාජ්‍ය සභාව

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:18:21