බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම
මාක් ඇන්තනී බ්‍රේස්ගර්ඩ්ල් 1930 දශකයේ වතු පාලකයෙකු ලෙස ලංකාවට පැමිණියේය. වතු හිමියන් කම්කරුවන්ට සැලකු ආකාරයත්, දරුවන් සහ කාන්තාවන්ට සැලකූ  කෘෘර ආකාරයත් ඔහු  සියැසින්ම දුටුවේය. දෛනිකව වැඩ කළ යුතු කාලය පැය 12 දක්වා දීර්ඝ කිරීමට ඔහු විරුද්ධ විය. හෙතෙම 1936 දී ලංකා සමසමාජ පක්ෂයට බැඳුණේය.  1937 වන විට බ්‍රේස්ගර්ඩ්ල්ගේ ක්‍රියා කලාපය බ්‍රිතාන්‍යයින්ට පීඩාකාරී  වූයෙන් ඔහුව රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුකාර සර් එඩ්වඩ් ස්ටබ්ස් විසින් නියෝගයක් නිකුත් කළේය. ඒයට විරුද්ධව මෙරට ප්‍රථම කම්කරු දේශපාලන සටන දියත් විණි.මෙම සිද්ධියෙන් පසු ස්ටබ්ස් ආණ්ඩුකාරවරයාට ධුරයෙන් විශ්‍රාම යාමට සිදුවූ අතර අනුප්‍රාප්තික ආණ්ඩුකාර සර් ඇන්ඩෘෘ කැල්ඩිකොට් පිටුවහල් කිරීමේ නියෝගයෙන් මතුවු අතුරු ගැටලු  සමනය කිරීමට කොමිෂන් සභාවක් පත් කළේය. ස්වදේශ කටයුතු භාර අමාත්‍ය සර් ඩී.බී ජයතිලක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තමන් එම නියෝගය අනුමත නොකළ බවට හොඳින් සනාථ කර  තිබියදීත් කොමිසම පොලිස්පති බෑන්ක්ස් නිදොස් කිරීම රාජ්‍ය  මන්ත්‍රණ සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා වෙත විශ්වාසය පළ කිරීමේ යෝජනාව හා පොලිස්පතිවරයා පදවියෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්මත කර ගත්තේය.ජාතික ලේඛනාගාරය, 108.20/2, බ්‍රේස්ගර්ඩ්ල් කොමිසම, 1937

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 19:50:30